Join with our recommend broker

4. Lots, Margins, Leverage හා Pips - 1

 4. Lots, Margins, Leverage හා Pips - 1


අද අපි කරන්න යන පාඩම ඉතාමත් වැදගත් එකක්. මේ පාඩමට පස්සේ අපිට practicals කරන්න පුළුවන්. එහෙනම් අපි කෙලින්ම වැඩේ පටන් ගමු.


ඔයාලාට මතක ඇති අපි කලින් ලිපියේ කරපු පාඩම. ඒකෙදි අපි Currency pairs ගැන ඉගෙන ගත්තා. හැම වෙලේම Currency pair එකක "ඉදිරීයෙන්" තියෙන Currency එකට අපි කියන්නේ "Base Currency" කියලා. ඒ වගේම "පසුපසින්" තියෙන Currency එකට කියන්නේ "Quote Currency" කියලා. Quote Currency එක Counter Currency කියලත් හඳුන්වන්න පුළුවන්. දැන් අපි උදාහරණයක් බලමු.


EUR/USD = 1.2345 මෙම Currency Pair එකෙහි Base Currency හා Quote Currency පෙන්වන්න.


Base Currency = EUR


Quote Currency = USD


මේ කරුණු ඔයාලා හොඳින් මතක තියාගන්න ඕනෙ. අපි එහෙනම් දැන් Lots කියන්නේ මොනාද කියලා බලමු. හිතන්න අපි පොළට ගිහිල්ලා "අල" ගන්නවා කියලා එතකොට අපි අල ගන්නේ කොහොමද? ගෙඩි ගානට ද? නෑ gram (Kilo gram) ගානට. එහෙම නේද? අන්න ඒ වගේ Forex Market එකේ අපි Currencies ගන්න unit එකට කියන්නෙ "Lot" කියලා.


Lot වලට Standard Lot කියලත් කියනවා. Lot එකක් කියන්නේ හැමවෙලේම 100,000ක්. මේ 100,000 මොකක්ද කියලා ඔයාලට තව ටිකකින් තේරෙයි. grams වල Kilogram, Miligrams තියෙනවා වගේ Lots


වලත් තියෙනවා Mini-Lots, Micro-Lots හා සමහර Brokersලා ලඟ Nano-Lots කියලා.


දැන් කවුරු හරි කිව්වොත් EUR Lot එකක් ගන්නවා කියලා, ඒකෙ අදහස මොකක්ද? EUR Lot එකක් ගන්නවා කියන්නේ EUR 100,000 ගන්නවා කියන එක. එතකොට EUR Mini-Lot එකක් ගන්නවා කියන්නේ EUR 10,000ක් ගන්නවා කියන එක. මම හිතනවා දැන් ඔයාලාට Lots ගැන අවබෝධයක් ඇවිත් ඇති කියලා.


අපි දැන් පොඩි උදාහරණයක් බලමු. හිතන්න EUR/USD = 1.2345 කියලා. එහෙනම් EUR Lot එකක් ගන්න USD කොච්චර ඕනෙද?

EUR/USD = 1.2345

USD amount = 1.2345 X 100,000 = 123,450


ඒ කියන්නේ EUR Lot එකක් ගන්න USD 123,450ක් ඕනෙ. ඒ කියන්නේ ආසන්න වශයෙන් LKR 12,345,000 (USD/LKR = 100 නම්) විතර. ඉතින් කාටද දෙයියනේ මෙච්චර සල්ලි තියෙන්නේ. හැබැයි බයවෙන්න එපා, මෙන්න මෙතනදි තමයි අපිට "Leverage" කියන එක ප්‍රයෝජනවත් වෙන්නේ.


Leverage එක සාමාන්‍යයෙන් Forex වලදි දක්වන්නේ 100:1, 200:1 හෝ 400:1 ආදි වශයෙන්. අපි දැන් බලමු මේකෙ තේරුම මොකක්ද කියලා. 100:1 කියන එකේ අදහස තමයි, 100ක trade එකක් open කරන්න අවශ්‍ය වෙන්නේ 1ක් කියන එක. මේක අපි උදාහරණයකින් බලමු.


Leverage එක 100:1 නම් හා EUR/USD = 1.2345 නම් EUR Lot එකක් ගන්න අවශ්‍ය වන USD ගණන කීයද?


EUR/USD = 1.2345

Lot එකකට යන USD ගණන = 1.2345 X 100,000 = 123,450

Leverage එක 100:1 නිසා, USD = 123,450 / 100

ඒ නිසා උත්තරය වෙන්නේ 1,234.50


100:1 Leverage එක නිසා අපිට EUR Lot එකක්ම (ඒ කියන්නේ EUR 100,000ක් ම) ගන්න අපිට යන්නේ USD 1,234.50. දැන් අපි තවත් උදාහරණයක් බලමු.


Leverage එක 200:1 නම් හා EUR/CHF = 1.3006 නම් EUR Mini-Lot එකක් ගන්න අවශ්‍ය වන CHF ගණන කීයද?


EUR/CHF = 1.3006

Mini-Lot එකකට යන CHF ගණන = 1.3006 X 10,000 =13,006

Leverage එක 200:1 නිසා, CHF = 13,006 / 200


ඒ නිසා උත්තරය වෙන්නේ 65.03

ඒ කියන්නේ 200:1 Leverage එක නිසා අපිට EUR Mini-Lot එකක් (ඒ කියන්නේ EUR 10,000ක් ම) ගන්න අපිට යන්නේ CHF 65.03. මේ පාඩම තේරුම් ගැනීම ඉතාමත් වැදගත්.

Leverage ගැන කතා කරද්දි අපි දැනගත්තා Leverage එක දක්වන්නේ 200:1, 100:1 හෝ 50:1 යන ආකාරයට කියලා. Leverage එකක් එක්ක trade කරන එකට තමයි Margin Trading කියලා කියන්නේ. ඇත්තටම Margin කියලා කියන්නේ හරියට deposit එකක් වගේ, ඒ කියන්නේ සමහර උපකරණ අපි කුලියට ගද්දි අපිට පොඩි මුදලක් ඒ ආයතනයේ තියන්න වෙනවා. මේකත් ඒ වගේ එකක්.

Leverage එක 100:1 නම් Margin එක 1%


Leverage එක 200:1 නම් Margin එක 0.5%


Leverage එක 400:1 නම් Margin එක 0.25%


Leverage එක 50:1 නම් Margin එක 2%

මේක හොඳට බැලුවොත් ඔයාලට තේරෙයි 100:1 කියන අනුපාතය ප්‍රතිශතයක් විධිහට දක්වලා 1% කියන අගය ඇවිල්ලා තියෙනවා කියලා. මේක වෙන්නේ මෙහෙමයි. Forex trade කරන්න අපි Broker කෙනෙක් හරහා Forex account එකක් open කරගන්නවනේ, ඊට පස්සේ හිතන්න අපි trade එකක් කරා කියලා. හිතන්න අපි EUR/USD Mini-Lot එකක් Buy කරා කියලා. අපිට ඒ Mini-Lot එක ගන්න USD ගානක් යනවනේ. Margin එක 1% නම් අපිට යන්නේ ඒ USD ගණනින් 1%. ඒ 1% අපේ Forex account එකෙන් අඩුවෙනවා. ඒක අපිට ආපහු ලැබෙන්නේ trade එක close කරාම. දැන් අපි උදාහරණයක් බලමු.


Margin එක 1% හා EUR/USD=1.2453 නම් EUR Mini-Lot එකක් මිලදී ගැනීමට අවශ්‍ය USD ගණන?


EUR/USD = 1.2453


EUR Mini-Lot = EUR 10,000


Margin එක 1% නිසා Mini-Lot එකකට අවශ්‍ය EUR ගණන = 10,000 X 1%


=10,000 X (1/100)


= 100


එම නිසා අවශ්‍ය USD ගණන = 100 X 1.2453 = 124.53


ඉහත උදාහරණයේ විධිහට අපේ account එකෙන් USD 124.53ක් අඩුවෙනවා. ඒ USD 124.53 අපිට ආපහු ලැබෙන්නේ ඒ trade එක close කරාම. ඒ කියන්නේ අපේ Forex account එකේ USD 1000ක් තිබුනා නම්, මේ trade එකට පස්සේ account balance එක USD 875.47 (1000-124.53) වෙනවා. මේ කරුණු ඔයාලට පැහැදිලි ඇති කියලා මම හිතනවා. පැහැදිලි නැතිනම් අනිවාර්්‍යයෙන්ම අහන්න.


දැන් අපි බලමු Pips කියන්නේ මොනාද කියලා.


Pip එකක් කියලා අපි හඳුන් වන්නේ Currency pair එකක 4 වැනි දශමස්ථානයේ වෙනසකට (JPY තියෙන Currency pair වල විතරක් මේක 2 වැනි දශමස්ථානය). හිතන්න EUR/USD = 1.2453 කියලා, ටික වෙලාවකට පස්සේ EUR/USD = 1.2457 වෙනවා. මේ දෙක අතර වෙනස කීයද? 0.0004 මේ 4 තමයි අපි Pips කියලා හඳුන්වන්නේ. ඒ කියන්නේ මේ උදාහරණයේදි EUR/USD rate එක Pip 4කින් වැඩිවෙලා කියන එක. JPY Base currency හෝ Quote currency විධිහට තියෙන Currency pairs හැර අනික් සෑම Currency pair එකකම 4 වැනි දශමස්ථානයේ වෙනසක් Pip විධිහට හඳුන්වනවා. එතකොට JPY ඉස්සරහින් හෝ පස්සෙන් තියෙන Currency pairs වල Pip එකක් කියලා කියන්නේ 2 වැනි දශමස්ථානයේ වෙනසකට. අපි දාහරණ කීපයක් බලමු, එතකොට ඔයාලට මේක පහසුවෙන් තේරුම් ගන්න පුළුවන්.



EUR/USD = 1.4351, විනාඩි කීපයකට පසු EUR/USD = 1.4359 නම් Pips ගණන කීයද?

Pips = 1.4359 - 1.4351 = 0.0008

ඒ කියන්නේ EUR/USD price එක Pips 8 කින් වැඩි වෙලා.



EUR/USD = 1.2453, Pips 20කින් අගය අඩුවුනි නම්, දැන් EUR/USD අගය කීයද?

EUR/USD = 1.2453 - 0.0020= 1.2433

ඒ කියන්නේ දැන් EUR/USD price එක = 1.2433



EUR/USD = 1.4351, විනාඩි කීපයකට පසු EUR/USD = 1.4345 නම් Pips ගණන කීයද?

Pips = 1.4345 - 1.4351 = -0.0006

ඒ කියන්නේ EUR/USD price එක Pips 6කින් අඩු වෙලා.


GBP/JPY = 130.70, ටික වේලාවකට පසු GBP/JPY = 130.75 නම් Pips ගණන කීයද?

Pips = 130.75 - 130.70 = 0.05

ඒ කියන්නේ GBP/JPY price එක Pips 5 කින් වැඩි වෙලා.


Pip කියලා කියන්නේ Price Interest Point කියන එක. කලින් අපි ඉගෙන ගත්තා Pip එකක් කියන්නේ JPY තියෙන Currency pairs වල 2 වැනි දශමස්ථානය හා අනිකුත් Currency pairs වල 4 වැනි දශමස්ථානය කියලා. හැබැයි දැන් ගොඩාක් Broker ලා prices quote කරද්දී JPY pairs දශමස්ථාන 3 කින් හා අනිකුත් Currency pairs වල price එක දශමස්ථාන 5 කිනුත් පෙන්වනවා. මේ 5වැනි (JPY pairs වල 3 වැනි) දශමස්ථානයට කියන්නේ Pipette එකක් කියලා. Pipette එකක් කියන්නේ Pip එකකින් 1/10ක්. උදාහරණයක් ගත්තොත් EUR/USD price එක 1.21506 සිට 1.21507 දක්වා වැඩි වුනා කියන්නේ EUR/USD price එක Pipette 1කින් වැඩි වුනා, එහෙමත් නැත්නම් Pip 0.1කින් වැඩිවුනා කියන එක. මේ Pipette කියන එක හොඳට තේරුම් ගන්න එක ඉතාමත් වැදගත් මොකද ගොඩක් වෙලාවට ආධුනික tradersලා මේක පටලවා ගන්නවා. ඒ ගොල්ලෝ හිතනවා දශමස්ථාන 5ක් තියෙද්දි 5වැනි දශමස්ථනය තමයි Pip එකක් කියන්නේ කියලා. අපි උදාහරණයක් බලමු.


GBP/JPY = 130.573, පැයකට පසු GBP/JPY = 130.568 නම් prices 2ක අතර වෙනස කොපමණද?

වෙනස (Pips ගණන) = 130.568 - 130.573 = -0.005

එම නිසා උත්තරය වෙන්නේ -0.5 Pips හෝ -5 Pipettes


EUR/USD = 1.26157, ටික වේලාවකට පසු EUR/USD = 1.26169 නම් prices 2ක අතර වෙනස කොපමණද?

වෙනස (Pips ගණන) = 1.26169 - 1.26157 = 0.00012


ඒ නිසා උත්තරය වෙන්නේ 1.2 Pips හෝ 12 Pipettes  

ඒ වගේම මේ පිපෙට්ස් වලට ෆොරෙක්ස් වලදී සමහරු  points කියලත් කියනවා.  ඒකියන්නේ 

 pipettes = points


පහත  සටහන බලන්නකො.ඒකෙන් හරියටම ඔලුවට දාගන්න පුලුවන් වෙයි. 


Point 10 = pipettes 10

Pipettes 10 = pip 1

Point 10 = pip 1 


ඒ කියන්නේ පිපෙට්ස්  100ක් කියන්නේ පිප්ස්  10ක් . තේරුනේ නැතිනම් අහන්න.

Reactions