Join with our recommend broker

6. කොහොමද මේ Forex Market එකේ trade කරන්නේ?

 6. කොහොමද  මේ Forex Market එකේ trade කරන්නේ? - 1


ඇත්තම කිව්වොත් අපිට තව theory ඉගෙන ගන්න තියෙනවා. ඒත් මම දිගටම theory කරන්න ගත්තොත් ඔයාලට මේක හොඳටම boring වෙයි. මම දන්නවා ඔයාලා ඉවසිල්ලක් නැතුව බලාගෙන ඇති මේක කරන්නේ කොහොමද කියලා දැන ගන්න.


Forex Market එකේ පහසුවෙන් සල්ලි හොයන්න පුළුවන් කියන්නේ ඇයි දන්නවද? Forex Market එකේ trade කරන්න අපිට අවශ්‍ය වෙන්නේ Computer එකක් හෝ මොබයිල් ෆෝන් එකක් හා Internet සබඳතාවයක් විතරයි. ඇත්තටම මේ ටික විතරක් නෙවෙයි Forex ගැන හොඳ දැනුමකුත් ඕනෙ. ඒත් හිතන්න අපි වෙන මොනා හරි Business එකක් පටන් ගත්තා කියලා, ඒ Business එක සාර්ථක කරගන්න Business දැනුමට අමතරව අපිට තව කොච්චර මහන්සි වෙන්න වෙනවාද? ඒ කරදර මොනවත් Forex වල නෑ. Forex වල තියෙන එකම කරදරය තමයි මේක හරියට ඉගෙන ගන්න එක. කමක් නෑ කොහොම හරි අපි මේක ඉගෙන ගන්න පටන් අරන්නේ තියෙන්නේ. බය නැතුව අපි ඉස්සරහටම යමු.


අපි Forex trade කරන්නේ Broker කෙනෙක් හරහා. මේ ගැන ඔයාල දැනටමත් දන්නවා ඇති. Brokerලත් විවිධ වර්ගයේ අය ඉන්නවා. අපි ඒ ගැන පසුව කතා කරමු. Forex Market එකේ තියෙන ලොකුම වාසිය තමයි Forex Market එකේ ඉන්න Brokersලා හැමදෙනාම වගේ එයාලාගේ clients ලට ඒ කියන්නේ අපිට පුහුණු ගිණුම් ( Demo accounts)  open කරන්න ලබාදෙනවා.


දැන් සමහර විට ඔයාලට ප්‍රශ්නයක් ඇතිවෙයි මේ Demo accounts කියන්නේ මොනාද කියලා. Demo account එකක් කියලා කියන්නෙත් Forex Market එකේ trade කරන්න පුළුවන් Account එකක් ඒ වුනත් වෙනස තමයි මේකෙදි අපි ඇත්ත සල්ලි පාවිච්චි කරන්නේ නැති එක. Forex අළුතින් ඉගෙන ගන්න අයට මේ Demo account කියන එක ඉතාමත් වැදගත්. මොකද අපිට Demo account එකක් open කරගෙන අතේ තියෙන සල්ලි ටික නැති කරගන්නේ නැතුව Forex Market එකේ trade කරන හැටි ඉගෙන ගන්න පුළුවන් නිසා.


කොහොමද Demo Account එකක් open කරගන්නේ?


Forex Market එකේ trade කරන්න පාවිච්චි කරන්න පුළුවන් softwares ගොඩක් තියෙනවා. බොහොමයක් ලොකු Forex Brokersලා ඒ ගොල්ලන්ගෙම softwares අපිට ලබාදෙනවා trade කරන්න. කොහොම වුනත් අපි පාවිච්චි කරන්න යන්නේ "Metatrader" කියන software එක. මේ software එකේ version 4 තමයි අපි පාවිච්චි කරන්නේ. ඒකට හේතුව තමයි මේ software එකට අපිට පහසුවෙන් Indicators (Indicators කියන්නේ මොනාද කියලා මම ඉස්සරහට ඔයාලාට කියලා දෙනවා.) හොයාගන්න පුළුවන්. ඒ වගේම ගොඩාක් දෙනෙක් පාවිච්චි කරන්නේ මේ software එක. මම ඔයාලට දවස් කිහිපයක් තිස්සේ  කිවුවා මේ සොෆ්ට්වෙයා එක ඩවුන්ලෝඩ් කරලා තියාගන්න කියලා. ඒකෙන් ප්‍රයෝජන ගන්න තමයි දැන් තියෙන්නේ.

අපි මේ Demo account එක open කරන්න යන්නේ "ICmarket" කියන ලංකාවෙ අය අතරෙ ගොඩක් ප්‍රසිද්දම Forex Broker කෙනෙක්ගෙ පුහුණු ගිනුමක්. මේ ගොල්ලෝ prices quote කරන්නේ දශමස්ථාන 5කින්  එහෙනම් අපි ICMarket  එක්ක Demo account එකක් open කරමු.


පියවර 1.


මම මේ පහතින් දාන ලින්ක් එක ඔස්සේ ගිහින් icmarket  broker  ගෙ  වෙබ් අඩවිය වෙත පිවිසෙන්න. 

https://icmarkets.com/global/en/?camp=58591

මේ ලින්ක් එකෙන් යන්නෙ නැතිනම්  කොපි කරලා වෙබ්  බ්‍රවුසර් එකේ සර්ච් බාර් එකට පේස්ට් කරලා සර්ච් කරන්න 


පියවර 2. 

ඔයා වෙබ් අඩවියට පිවිසුනාම දකින්න ලැබෙන්නේ මේ වගේ පිටුවක්. ඒකේ දකින්න ලැබෙන Try a Free Demo කියන බට්න් එක ක්ලික් කරන්න.

පියවර 3

ඒ බට්න් එක ක්ලික් කරාම එන්නේ මේ වගේ පිටුවක් ඒ පිටුවේ පහලින් පුහුණු ගිණුම විවෘත කරන්න බ්‍රෝකර් ට අවශ්‍ය ඔයාගේ විස්තර ලබා ගන්නවා


මේ සියලු තොරතුරු ලබා දෙන්න ඒ වගේම ඔයා පාවිච්චි කරන නිවැරදි email  එකක් ලබා දෙන්න. මොකද ඒ email  එකට තමයි ඔයාගේ ගිණුමේ සියලු තොරතුරු ලබා දෙන්නේ.


ඒ වගේම දුරකතන අංකය ලබා දීමේදී ඔයාගෙ සත්‍ය දුරකතන අංකයම ලබා දෙන්න. ඉට පස්සෙපස්සෙ register  කියන බට්න් එක ක්ලික් කරන්න.



පියවර 4.

ඔයා register  බට්න් එක ක්ලික් කරාම ලබා දුන්න තොරතුරු නිවැරදිනම් ඔයාව මෙන්න මේ වගේ පේජ් එකකට ගෙනියනවා.

ඒ පිටුවේ පහලට ගියාම තමයි ඔයාගෙ පුහුණු ගිනුම විවෘත කරගැනීමෙ අයදුම් පත්‍රය තියෙන්නේ මේකේ තියෙන  තොරතුරු ටිකම දෙන්න.  ඒ කියන්නේ  
Trading platform = MT4
Account type : Rawspred 
Currency : USDUSD
Lavarage :  1:500
Initial deposit : 200 

මේ සියල්ල ඒ විදිහටම තියලා  proceed බට්න් එක ක්ලික් කරන්න.

ඔයා ඒ විදිහට නිවැරදිව තොරතුරු ඇතුලත් කරලා proceed බට්න් එක ක්ලික් කරානන් මෙන්න මේ විදිගේ පණිවිඩයක් ඔබට පෙන්වයි. ඒකෙන් කියන්නේ පුහුණු ගිනුමේ තොරතුරු ඔයා ලබා දුන්නු email එකට යොමු කරා කියන එක.


ඔයා ලබාදුන්න email  එකට ලොග් වෙලා බැලුවහම ඔයාට icmarket  broker   company  එකෙන් demo account  registeration කියලා email එකක් ඇවිල්ලා ඇති ඒක විවෘත කලාම. මේ වගෙ පණිවිඩයක් තමයි සඳහන් වෙන්නෙ. මෙන්න මේ කියන තොරතුරු ටික සුරක්ශිතව තියාගන්න. කොතනක හරි සේවු කරලා තියාගන්න 
ඒ කියන්නේ 
Login :...
Pasword : ...
Sever : ...
 ඒ ටික අත්‍යාවශ්‍ය වෙනවා  ඔබගේ පුහුණු ගිනුම Mt4 මෘදුකාංගය වෙත සම්බන්ද කරගන්නකොට.



හරි දැන් අපි සූදානම් වෙන්නේ ඔයාලා විවෘත කරගත්ත Icmarket  පුහුණු ගිණුම MT4 මෘදුකාංගයට ඇතුලත් කරගන්න. මේ ඇතුලත් කරගැනීම අනිවාර්‍යයි. මොකද අපි ෆොරෙක්ස් මාකට් එකේ ත්‍රේඩ් කරන්නෙ එහෙම නැතිනම් ගනුදෙනු කරන්නෙ මේ මෘදුකාංගය භාවිතා කරලා.  මම ඉදිරි පාඩම් වලදී  MT4 මෘදුකාංගය හා බ්‍රොකර් සමාගම් ගැන වඩාත් පැහැදිලිව සඳහන් කරන්නම්. එතකන් දැනට මේ විදිහට අපි MT4 ගිණුම සකසා ගමු.

ඔයාලා MT4 මෘදුකාංගය ඔයාලගෙ ජංගම දුරකතනයට ඩවුන්ලෝඩ් කරගත්තනම් ඒක ඕපන් කරගන්න. ඒක ඕපන් කරගත්තාම මේ වගේ  පසුබිමක් තමයි පෙන්වන්නේ. ඔයාලට පේනවා ඇති මෙහි කිසිදු ගිණුමක් විවෘතව නැති බව.  ඔයාලට කරන්න තියෙන්නේ  ඔය පසුබිමෙහි සඳහන් වෙන විදියටම ධන සලකුන + මත ක්ලික් කරන්න.



+ සලකුන ක්ලික් කරාම ඔයාට ඕපන් වෙන්නෙ මේ වගේ  පසුබිමක්. මෙතනදි ඔයාට කරන්න තියෙන්නෙ loging to an existing  account   කියන  බට්න් එක ක්ලික් කරන්න


ඒ බට්න් එක ක්ලික් කරාම ඔයාලට ඕපන් වෙනවා  මේ වගේ සර්ච් බාර් එකක්. ඔයාලට දැන් කරන්න තියෙන්නේ අර ඔයාලට ආව email  එකේ තියෙන sever  කියන එකේ සවර් ඇඩ්‍රස් එක කොපි කරලා සර්ච් බාර් එකට පේස්ට් කරලා  ඒ සවර් එක හොයාගන්න.





සවර් එක හොයාගෙන ඒ මත ක්ලික් කරාම ඔයාට ඕපන් වෙනවා මේ වගේ පිටුවක්. ඔයාට තියෙන්නේ ඔයාට ආව email එකේ තියෙන login හා pasword  මෙහි අදාල තැන් වලට ලබා දෙන්න . ඊට පස්සෙ යටින් තියෙන  sign in බට්න් එක ක්ලික් කරන්න. ඒ වගේම ඔයා මතක ඇතිව save pasword  කියලා තියෙන තැන නිල් පාටින් හරිය තියේද  කියලා බලලා එතන හරියක් නැතිනම් ක්ලික් කරලා හරියක් වැටූනාම sign in  දෙන්න.




ඔයා නිවැරදිව sever  , login  හා pasword  ලබා දුන්නානම් ඔයාට ඊලගට ඕපන් වෙන්නෙ මෙන්න මේ වගේ පිටුවක්.  හරි එහෙනම් ඔයාගෙ පුහුණු ගිණුම MT 4  වෙත සම්බන්ද කරගෙන අවසානයි. අපි ඊලඟ දවසක බලමු කොහොමද MT4 භාවිතා කරලා ගනුඩෙනු කරන්නේ කියන එක.  ඊට කලින් ඉගෙනගන්න දේවල් කිහිපයක් තියෙනවා. ඒ ටික ඉදිරි ලිපි වලදී ඉගෙනගමු. ❤️



මම මේ පාඨමාලාව කරගෙන යන්නේ ෆොරෙක්ස් පිළිබඳ කිසිවක් නොදන්නා ඕනෑම අයෙකුට ඉතා පහසුවෙන් මෙය අවභෝද කරගැනීමේ පහසු පාඨමාලාවක් ලෙස.  ඔයාලා ෆොරෙක්ස් පිළිබඳ යම් හෝ අවභෝදයක් ඇති අයෙකුනම් ඔයාලට අත්දැකීම් ඇති ෆොරෙක්ස් ඉගෙන ගැනීමට ඉතා අපහසු දෙයක් ලෙස තමයි හඳුන්වා දෙන්නේ.  ඔව් අපහසුයි. හැබයි හරි තැනකින්  හරි විදියට ඔලුවට දාගත්තොත් මේක දවසට ලක්ශයක් දෙකක් එහෙම නැතිනම් ලක්ශ දහයක් පහලවක් උනත් හොයන්න පුලුවන් නවීණ ලෝකයේ ආයෝජන ක්‍රමවේදයක්. ඔයාලා හිතන්න එපා මේක කරන්න බැරි දෙයක් හෝ ඔයාලා පරක්කුයි කියලා. නෑ මේක තමයි හොඳම කාලය ඔබගේ කාලයෙන් අවම වශයෙන් අපතේ හරින දින කිහිපයක් මේ වෙනුවෙන් කැප කරලා ඔයාලට පුලුවන් සාර්තක ගමනක් යන්න. ඒ හින්දා මේක ගහන්න පුලුවන් ගේමක් කියලා ඔලුවට දාගන්න.

Reactions