හරි දැන් ඔයාලට මේ ලිපියෙන් පුලුවන් MT4 මෘදුකාංගයෙන් වැඩ කරන විදිය කොහොමද කියලා ඉගෙනගන්න. මම මේ වෙනුවෙන් පාවිච්චි කරන්නේ MT4 මොබයිල් ඇප්ලිකේශන් එක. ඔයාලා MT4 වින්ඩෝස් සොෆ්ට්වෙයාඑක භාවිතා කරනවනම් ටිකක් මේකට වෙනස් ඒක වෙනම ලිපියකින් මම ඔයාලට කියලා දෙන්නම්. ඊලඟ ලිපියෙන් අපි කම්පියුටර් එකක් භාවිතා කරලා MT4 භාවිතා කරන්නේ කොහොමද කියලා ඉගෙනගමු
මේ දවස් කිහිපයේ තියෙන කාර්‍යබහුලත්වය එක්ක මම මේ ලිපිය ලියන්නේ ඉතා අවම සම්පත් ප්‍රමාණයක් පාවිච්චි කරලා . උදාහරණ සපයද්දි අදාල ස්ක්‍රීන් ශොට්ස් වල පැහැදිලි කිරීම කරන්න මම පාවිච්චි කරේ මොබයිල් ඇප් එකක්. ඒ නිසා ඒ තැන් වල යම් අක්‍රමවත් බවත් තිබුනොත් ඒක ගැන වැඩිය හිතන්න එපා
හරි අපි දැන් MT4 මෘදුකාංගය ගැන ඉගෙනගමු.
ඔයා සාර්තකව ඔයාගේ icmarket පුහුණු ගිණුම MT4 සමග සම්බන්ද කරගත්තානම් ඔයාලට හම්බෙන්නේ මෙහෙම පිටුවක්.
ඔයාලට පේනවා ඇති ඒ පිටුවේ මම අංක වලින් සටහන් කරලා තියෙනවා. මේ අංක මගින් කියවෙන්නේ ඒ බට්න් එක මගින් සිදුවන දේ පැහැදිලි කරන්න.
1. Menu
මෙනු එක ඕපන් කරගන්න එක තමයි මේකෙන් වෙන්නේ මේක ගැන තව ටිකකින් කියලා දෙන්නම්
2. Quote
මේක තමයි අපි පාවිච්චි කරන මුදල් ඒකක හෙවත් currency pair වල spred එක ( මේක විශේශයෙන් මතක තියාගන්න ඒක මම කියලා දෙනවා ඊලඟ පාඩමකින්. ) ඒ වගේම අපේ චාර්ට් එකට currency pair add කරගන්නේ මෙතනින්. දැනට ඒක මතක තියාගන්න.
3. Chart
මේක තමා අපි තෝරාගන්න මුදල් ඒකක වල සජීවී හැසිරීම දකවන චාර්ට් පෙන්වන පිටුව. මේ පිටුව මගින් තමයි ඔයාලට මුදල් ඒකක තෝරාගැනීම, indicater ඇඩ් කරගැනීම, time frame තෝරාගැනීම හා ගනුදෙනු විවෘත කරගැනීම සිදු කරගන්න තියෙන්නේ.
4. trade
මෙතනින් තමා ඔයාලා විවෘත කරගෙන තියෙන ගනුදෙනු වල සාරාංශය පෙන්නුම් කරන්නේ මේක ගැනත් ඉස්සරහදි ඉගෙනගන්න පුලුවන්.
5. History
මෙතනින් තමයි අපි ලබාගත් ගනුදෙනුවල ඉතිහාසය පෙන්වන්නේ. අපි විවෘත කරපු ගනුඩෙනු ලාබ උනාද අලාභ උනාද වගේ දේවල් මෙතනින් බලන්න පුලුවන්.
මෙන්න මේ දේවල් ටික තමා අපි දැන් අවදානය යොමු කරන්න ඔනි මූලික විදියටම අනිත් news , chat වගේ ඒවා අපිට මූලිකවම අත්‍යාවශ්‍ය වෙන්නෙ නෑ
1.Menu.
මේකෙනුත් පෙන්නන්නේ අර 2 , 3 , 4 , 5 ඒවගෙ තියෙන දේවල් ටිකම තමයි ඒවට අමතරව ඔයාලට පේනවා ඇති Manage account කියලා එකක් ඒක ක්ලික් කරාම ඔයාලට නැවත අර ඉස්සෙල්ලා හිටපු පිටුවටම යන්න පුලුවන් ඊට අමතරව ඔයාලා පහලට ගියාම පේනවා setting කියලා ඔප්ශන් එකක් අන්න ඒක ඉස්සරහදි වැදගත් වෙනවා. මෙතන තියෙන අයිකන් ටික ක්ලික් කරත් අර කලින් ලිස්ට් එකේ ඔප්ශන් ටිකම තමයි ඕපන් වෙන්නෙ.
2. Quote
මේකත් ඉතාම වැදගත් මේ පිටුවෙන් ඔයාට පුලුවන් දැනට ඔයාගෙ චාර්ට් ලිස්ට් එකේ තිය්‍ර්න කරන්සි පෙයාර්ස් ගාන බලාගන්න. ඒ වගේම බ්‍රෝකර් කම්පැනි එක අය කරන ස්ප්‍රෙඩ් එක බලාගන්න. ඒ වචන ගැන දැන් වැඩිය හිතන්න එපා ඉස්සරහා පාඩම් වලින් ඒ වචන පැහැදිලි කරනවා. ඒ වගේම මේ චාර්ට් එකේ නැති වෙනත් කරන්සි පෙයා එකක් ඇඩ් කරගන්න ඔනිනම් ඔයාගෙ ලිස්ට් එකට මම රතු පාටින් රවුම් කරපු + සලකුණ ක්ලික් කරලා ඒකෙ එන සර්ච් බාර් එකේ අදාල කරන්සි කෝඩ් එක සර්ච් කරලා ඒ මත ක්ලික් කරාම ඔටෝම ලිස්ට් එකට ඇඩ් වෙනවා.
මේ තියෙන්නේ ඒ සර්ච් බාර් එක. ඒකේ ඔයාට තෝරාගන්න ඔනි කරන්සි පෙයා එක ටයිප් කරන්න එහෙමත් නැතිනම් ඔය යටින් තියෙන Forex Minors කියන එක ක්ලික් කරන්න. ඒ වගේම මේකෙන් පුලුවන් ඔයාලට කරන්සි ට්‍රේඩින් වගේම ක්‍රිප්ටො කරන්සි ට්‍රේඩින්. ඉන්ඩෙක්ස්, මෙට්ල් , කමෝඩිටි, වගේ ගොඩක් ඒවා තෝරගන්න. කොටින්ම කිවුවොත් මේක ආයෝජන පැක් එකක් හැබයි පරිස්සමින් ඔයා මේ පාඨමාලාව හදාරන කෙනෙක් නිසා මම ඔයාලට දැනට රෙකමන්ඩ් කරන්නේ කරන්සි ට්‍රේඩින් පමණයි .ඉස්සරහට මෙට්ල්(Gold,silver ), වගේ දේවල් වලටයමු.
3. Chart
හරි මේක ඉතාම වැදගත්. මේක තමයි ඔයාලගෙ චාර්ට් පෙන්නන තැන මෙතනින් තමයි ඔයාලට බලන්න පුලුවන් කොහොමද මාකට් එක ගමන් කරන්නෙ කියලා ඒ වගේම ඔයා ඇනලයිස් එකක් කරනවනම් කරන්න වෙන්නෙත් මෙතන. ඒ හින්දා මේ කොටස නම් මගාරින්න එපා. මෙතන අපි කොටසින් කොටස කතා කරමු.
1. Indicator window
මෙතනින් තමයි අපි චාර්ට් එකට ඉන්ඩිකේටර් ඇඩ් කරගන්නේ. ඉන්ඩිකේටර් ගැන ඔයාලට ඉස්සරහට හොඳ දැනුමක් දෙන්නම්.
2. Currency pair chart
මෙතනින් තමයි ඔයාට ඇනලයිස් කරන්න හරි බලන්න ඔනි කරන්සි පෙයා එක තෝරගන්නේ. මේකනම් ඉතාම වැදගත්. ඔයාට ඔය බට්න් එක ක්ලික් කරාම ඔයා මේ වෙනකන් ඔයාගෙ ලිස්ට් එකට ඇඩ් කරගත්ත කරන්සි පෙයාර්ස් පෙන්වනවා. ඒකෙන් ඔයාට මේ මොහොතේ බලන්න ඔනි චාර්ට් එකට අදාල කරන්සි පෙයා එක තෝරලා ඒක ක්ලික් කරන්න. එතකොට ඔයාට ඕපන් වෙන්නෙ ඒ කරන්සි පෙයා එකට අදාල චාර්ට් එක. මේ වෙනකොට අපි ඇඩ් කරගෙන ඉන්නෙ EURUSD කරන්සි පෙයා එක.
3. Time frame window
මෙතනින් තමයි අපි චාර්ට් එක බලන්න ඔනි වේලා පරිමාණය තෝරාගන්න්‍ර්. ඒකෙදි වෙලාව පරිමාණය මනින්නේ කොහොමද කියලා ඔයාලා පොඩි අවභෝදයක් ගන්න.
ඔයාලට පේනවා ඇති ඔය චාර්ට් එකේ ඉරි කෑලි ඒවට අපි කියන්නේ කැන්ඩ්ල් කියලා ( ඉංග්‍රීසියෙන් අදහස ඉටිපන්දම් කියලා එහෙම කියන්නේ ඒ ඉරි කෑලි වල හැඩය ඉටිපන්දමක හැඩය ගන්න නිසා ) කැන්ඩ්ල් එකක් පටන් ගන්න සහ ඉවරවෙන කාලය තමයි අපි ඔය ටයිම් ෆ්‍රේම් එකෙන් තෝරාගන්නෙ. ඒ කියන්නේ හිතන්න අපි තෝරාගත්තා කියලා 1M ( විනාඩි 1ක ටයිම් ෆ්‍රේම් එක) ඒකෙන් කියවෙන්නේ එක කැන්ඩ්ල් එකකින් කියවෙන්නේ විනාඩියදී මාකට් එක හැසිරුනු විදිය. හිතන්න අපි 1H (පැය 1ක ටයිම් ප්‍රේම් එක ) මේකෙන් කියවෙන්නේ පැය එකක් කාලය තුල මාකට් එක හැසිරුණු විදිය ඒ එක කැන්ඩ්ල් එකෙන් පෙන්වනවා කියන එක. ඒ වගේ මේ ටයිම් ෆ්‍රේම් තෝරාගැනීම විනාඩි 1 සිට මාස 1ක් දක්වා තෝරාගන්න පුලුවන් ඒ කියන්නේ එක කැන්ඩ්ල් එකකින් එක මාසයක හැසිරීම පෙන්නුම් කරනවා කියන එක. ඔයාලා ගිහින් ටයිම් ෆ්‍රේම් වෙනස් කර කර බලන්න කොහොමද මාකට් එක හැසිරිලා තියෙන්නෙ කියලා.
4 . Market oder window
මේක තමා වැදගත්ම තැන. මේකෙන් තමයි අපි ගනුදෙනුවක් විවෘත කරගන්නේ. විශේශයෙන් මතක තියාගන්න ඔයා මොකක් හරි චාර්ට් එකක් ඕපන් කරගෙන ඉන්නවනම් අන්න ඒ චාර්ට් එක මත ඉන්න වෙලාවට මේ බට්න් එක ටච් කරානම් ත්‍රේඩ් එකක් ඕපන් වෙන්නෙ ඒ අදාල කරන්සි පෙයා එකට අනුව. උදාහරණයකට ගත්තොත් දැන් ඕපන්වෙලා තියෙන්නෙ EURUSD චාර්ට් එක නිසා ඔයා ඔය ට්‍රේඩ් බට්න් එක ක්ලික් කරොත් ඔයාට ඕපන් වෙන්නෙ EURUSD වලට අදාලත්‍රේඩ් වින්ඩෝ එක. ඔයාට වෙන කරන්සි පෙයා එකක ට්‍රේඩ් කරන්න ඔනිනම් ඔයාට වෙනවා ඒ අදාල කරන්සිපෙයා එක තෝරාගන්න. හරි අපි බලමු ඒ ඕඩර් වින්ඩෝ එක ඕපන් කරලා කොහොමද කියලා.

හරි ඔයාලට පේනවා ඇති මම ඒ බට්න් එක ක්ලික් කරාම මේ වගේ වින්ඩෝ එකක් තමයි ඕපන් වෙන්නෙ ඒකේ උඩින්ම ඔයාලට පෙන්වනවා ත්‍රේඩ් එක ඕපන් වෙන කරන්සි පෙයා එක මොකක්ද කියලා මේකෙ තියෙන්නෙ EURUSD කියලා. ඒකත් එක්ක දකුණුපසින් ඔයාට පේනවා $ මාර්ක් එකක්. මෙතනින් ඔයාට පුලුවන් ඔයාට ගනුදෙනුව විවෘත කරන්න අවශ්‍ය කරන්සිපෙයා එක ඔනිනම් වෙනස් කරගන්න. ඊට පස්සෙ 1. න් පෙන්නවනේ market execution කියන එකෙන් කියවෙන්නේ ඔයාලා මේ මොහොතේ මාකට් එකේ තියෙන ප්‍රයිස් එකට අදාලව ගනුදෙනුවක් විවෘත විතරයි ඕපන් කරගන්නේ කියන එක.ඔයාලට අවශ්‍යනම් ඔතන තෝරාගැනීමක් කරන්න පුලුවන් pending oder යොදන්න අවශ්‍යනම් ඔතන ක්ලික් කරාම ඕපන්වෙනවා
Buystop
Sellstop
Buylimit
Selllimit
කියලා ඔප්ශන් ටිකක් අන්න ඒවා පාවිච්චි කරලා අපිට පෙන්ඩින් ඕඩර්ස් යොදන්න පුලුවන්. පෙන්ඩින් ඕඩර්ස් යොදන විදිය මම වෙනම පාඩම්කින් ඔයාලට කියලා දෙන්න. දැනට බේසික් ටික ඔලුවට දාගන්න. හරි මේ market execution ඔහොමම තියලා තමයි අපිට මේ මොහොතේ මාකට් එකේ තියෙන ප්‍රයිස් එකෙන් ගනුඩෙනුවක් විවෘත කරන්න වෙන්නෙ.
2 යටතේ තියෙන්නෙ ලොට් සයිස් තෝරාගන්න එක. මෙන්න මෝකනම් ඔයාලා කවදාවත් මගාරින්න එපා. මොකදෆොරෙක්ස් කරලා ලොස් වෙන අය ලොස් වෙන තරමක්ලොස් වෙන්නෙ ඔන්න ඔය ලොට් සයිස් එක තෝරාගන්න එක ගැන මෙලෝ හසරක්නොදැන. මම ඉස්සරහට ලොට් පිළිබද ඔයාලා දැනුවත්ඇතිදැනට තවදුරට මම ඉස්සරහදි කියලා දෙන්නම්
3 මගින් කියන්නේ Stop loss අගය තියන්න ඔනි තැන.
4 මගින් කියන්නේ Take profit අගය තියන්න ඔනි තැන. ඒ දෙකත් වෙනමම පාඩමකින් කියලා ඩෙන්නම්.
හරි දැන් ඉතින් ඔයාලට තියෙන්නේ ඔය පහලින්තියෙන buy හා sell කියන බට්න් දෙකෙන් ඔයාට අවශ්‍ය ගනුඩෙනුව තෝරගෙන ක්ලික් කරන්න. ඊට පස්සේ ගනුදෙනුව විවෘත වෙනවා. ඊට පස්සේ ඒ ගනුදෙනුවේ තොරතුරු දැක්වෙන්නේ අපි අර මුලින් කතා කරපු trade කියන කොටසේ
කැන්ඩ්ල් ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්නම් අද අපි ඉගෙනගත්ත MT4 චාර්ට් එකේ තිබුනේ කලු සහ සුදු පාට කැන්ඩ්ල් වර්ග දෙකක්. මේකෙන් සුදු පැහැති කැන්ඩ්ල් වලට අපි කියනව බුල් කැන්ඩ්ල් ( bull candles ) හැබැයි මේක බහුතර ත්‍රේඩර්ස් ලා භාවිතා කරන වර්ණය වෙන්නේ කොළ පාට මේ මේ කොළ හෝ සුදු පැහැති වර්ණය ඇති කැන්ඩ්ල් වලින් ප්‍රකාශ වෙන්නේ මාකට් එක ඉහල යන බව එහෙම නැතිනම් මිළ ඉහල යමින් පවතින බව ඒ වගේම කලු පැහැයෙන් පෙන්නන කැන්ඩ්ල්ස් වලට අපි කියනව බෙයරිශ් කැන්ඩ්ල් කියලා ( bearish candles ) මේක සාමාන්‍යෙන් සම්මත පෙනුම තියෙන්නේ රතු පැහැය. මේ රතු පැහැයෙන් දැක්වෙන්නේ මාකට් ප්‍රයිස් එක පහල යමින් පවතින බව.
Forex Market එකේ මිල ගනන් විචලනය විම අපි දැනගන්නේ Candlestick Chart වලින්,Bar Chart, Line Chart වලිනුත් එය බලාගන්න පුලුවන්. නමුත් වඩාත්ම පහසු Candlestick Chart කියවිමයි. Candlestick Chart වල තාක්ෂණය ජපන් ජාතිකයන්ගේ.
Candlestick ගැන ඉගන ගැනිම ඉතාම වැදගත්.
අපි දැන් දැන්නවා කැන්ඩ්ල් අකාර දෙකක් තියනවා. එකක් තමයි මිළ ඉහළ යාමේදි ඇති වනBull කැන්ඩ්ල් එම අවස්ථාවන් වලදි BUY Order එකක් දාන්න ඔනි කියලත් ඔබ දන්නවා.
අනෙක් කැන්ඩ්ල් වර්ගය තමයි, Bear කැන්ඩ්ල් එම කැන්ඩ්ල් ඇති වන්නේ Forex Market එකේ මිළ ගනන් පහළ යාමේදියි.
Forex Market එක පහළ යනවිට Sell Orders යොදන බවත් දැන් ඔබ දන්නවා.
හොදයි දැන් අපි කැන්ඩ්ල්ස් ගැන සවිස්තරව ඉගන ගනිමු.
කැන්ඩ්ල්ස් මගින් අපිට ගොඩක් දේවල් අවබෝධ කරගන්න පුලුවන්,
ඔබට පහසු හා කැමති පාට වලින මෙ කැන්ඩ්ල් පාට හදාගන්න පුලුවන්. කරන්න තියෙන්නේ අර මම කලින් කියපු setting ඔප්ශන් එකට ගියාම පහලින් තියෙන කලර්ස් කියන ඔප්ශන් එක තෝරලා ඒකේ bull කැන්ඩ්ල්ස් වලට කොළ පාටත් bear කැන්ඩ්ල් වලට රතු පාටත් දීලා Done කරන්න මේක කරගන්න නොතේරුනොත් මැසේජ් එකක් දාන්න.
දැන් අපි බලමු පහත රුපය දිහා.
දැන් අපි ඉහත රූපය පැහැදිලි කර ගනිමු.
Bull Candlestick = Market එක ඉහල යාමේදි ඇති වේ.
Bear Candlestick= Market පහළ යාමේදි ඇති වේ.
Low= Candlestick එක ආරම්භ උන මොහොතේ සිට අවසන් වන මොහොත දක්වාම එම Candlestick එක අයත් කරගන්නා අවම මිළයි.
High = Candlestick එක ආරම්භ උන මොහොතේ සිට අවසන් වන මොහොත දක්වාම එම Candlestick එක අයත් කරගන්නා උපරිමමිළයි.
Body= Candlestick එක ආරම්භ උන මොහොතේ සිට අවසන් මොහොත දක්වා යන විට ඇතිවන මිල වෙනස් විම පෙන්වන දර්ෂකයයි.
හරි අපි දැන් දන්නවා කොහොමද ත්‍රේඩ් එකක් ඕපන් කරගන්නෙ කියන එක ත්‍රේඩ් එකක් ඕපන් කරලා කොච්චර දුරට ලාභ උනත් වැඩක් නෑ ඒ ත්‍රේඩ් එක අවසන් කරලා අපි ලාභය ලබාගන්නෙ නැතිනම් හරි මම දැන් කරන්න යන්නේ අපි ඕපන් කරගත්ත ඩෙමෝ එකවුන්ට් එකෙන් ට්‍රේඩ් එකක් ඕපන් කරාම ඒකෙ ලාභ හෝ පාඩු පෙන්වන ආකාරයත් , ලාබ පිට හෝ පාඩු පිට ත්‍රේඩ් එක ක්ලෝස් කර ලාබය හෝ පාඩුව ලබාගන්නා ආකාරයත් බලාගැනීමට. මේ කොටස ඉවර කරාට පස්සෙ ඔයාලට පුලුවන් ඇති වෙනකන් ඩෙමෝ එකේ ට්‍රේඩ් කරලා පුහුණු වෙන්න.
හරි මම දැන් EURUSD වල මාකට් ප්‍රයිස් එක 1.21023 කියන අගය තියෙන වෙලාවෙදි සෙල් ( sell ) ඕඩර් එකක් දානවා.

මේ මම ත්‍රේඩ් එක දාපු මොහොතේ දී ත්‍රේඩ් වල සමරි එකක් පෙන්වන trade කියන කොටසට ගිහින් ගත්ත ස්ක්‍රීන් ශොට් එකක් මේකේ රතු පාටින් - 0.01 ක් කියලා පෙන්වන්නේ මේ මොහොතේ අපි අලාභ පැත්තේ ඉන්නවා කියන එක. මේක විට සිද්ද වෙන්නේ බ්‍රෝකර් ආයතන වල ස්ප්‍රෙඩ් එක නිසා. හේතුව ask price හා bid price අතර වෙනස. ඒක මම ඊලගට පැහැදිලි කරන්නම්. කොහොම හරි ඔයාලට පේනවා ඇති EURUSD කියලා පෙන්වන තැන තියෙනවා 1.21023 කියලා අගයක් ඒක තමයි අපි ඕඩර් එක දාපු වෙලාවේ මාකට් ප්‍රයිස් එක ඊලගට එතනම තියෙනවා 1.21024 කියලා ඒක නිතරම වෙනස් වෙමින් පවතින අගයක් ඒකෙන් කියවෙන්නේ මේ අදාල මොහොතේදී මාකට් ප්‍රයිස් එක. ඒ දෙක අතර පවතින වෙනසින් තමයි අපිට ලාභ හෝ පාඩු තීරණය වෙන්නේ. මේ ගනුඩෙනුවේ තියෙන්නේ පිපෙට්ස් 1ක වෙනසක් ඒ නිසා තමයි 0.01 ක අලාභයක් පෙන්වන්නේ. ඒ වගේම ඔයාලට පෙන්නනවා උඩම තීරුවේ Trade කියලා තිය්‍ර්න තැන -0.08 USD කියලා මේ මොහොතේ ඇත්තම අලාභය තමයි ඒ පෙන්වන්නෙ. මෙතන 0.07 කින් වැඩි අලාභයක් පෙන්වන්නේ icmarket rawspred account එකක් කියන්නේ ත්‍රේඩ් එකකට කමිශන් එකක් විතරක් අය කරන එකවුන්ට් වර්ගයක් ඒ නිසා 0.01 ලොට් සයිස් එකෙන් දාන ත්‍රේඩ් එකකට එයාලා 0.07 ක කමිශන එකක් අය කරනවා. ඒ නිසා.
ඊලඟට අපි බලමු මේක ප්‍රොෆිට් පැත්තට ගියාම කොහොමද පෙන්වන්නෙ කියලා
හරි ඔයාලට පේනවා EURUSD අගය පිපෙට්ස් එහෙම නැත්තම් පොයින්ට්ස් 3කින් අඩු වෙලා තියෙනවා ඒ කියන්නේ අපි දැන් ලාබ පැත්තට ගමන් කරන ගමන් තියෙන්නේ මොකද අපි දැම්මේ සෙල් ඕඩර් එකක් නිසා ඔයාලට පේනවා EURUSD , sell 0.01 කියලා පෙන්වනවා ඒ කියන්නේ EURUSD කියන මුදල් ඒකකයේ සෙල් ඕඩර් එකක් 0.01 කියන ලොට් සයිස් එකෙන් ඕපන් කරලා තියෙනවා කියන එක. දැන් ඔයාලට පේනවා 0.03$ ක ලාබයක් පිට ත්‍රේඩ් එක රන් වෙනවා නමුත් ඉහල තීරුවේ ලාබය පෙන්වන්නේ -0.04ක් කියලා ඒකට හේතුව තවම මේ ත්‍රේඩ් එක icmarket rawspred account එකේ 0.01 ලොට් සයිස් එකෙන් දාපු ත්‍රේඩ් එකේ කමිශන් එක ආවරණය කරලා නැති නිසා. අපි බලමු තවත්ලාභ දෙසට ගිය පසු කොහොමද ප්‍ර්න්වන්නෙ කියලා

දැන් ඔයාලට පේනවා මේ සටහනට අනුව පොයින්ට්ස් 15 ක අඩු වීමක් වෙලා තියෙනවා 1.21023 ඉදලා 1.21008 දක්වා ඒ අනුව ලාබය 0.15$ වෙලා තියෙනව. හැබයි සත්‍ය ලාබය 0.08 ක් වෙලා තියෙනවා. එහෙම වෙන්නෙ අර 0.15 න් icmarket commission එක උන 0.07 අඩු උනාට පස්සේ. ඔයාලට හිතෙනවා ඇති මේක හෙන පාඩුවක් නේ කියලා. ඒත් ඒක එහෙම නෑ. බ්‍රොකර් ආයතනයක් අය කරන ස්ප්‍රෙඩ් එක අනුව බලද්දි ස්ප්‍රෙඩ් එක 0 ක් උන rawspred account වල කමිශන් එකක් ගෙවන එක අපිට ලාබයි. මොකද වෙනත් බ්‍රෝකර් කම්පැනි වල ස්ප්‍රෙඩ් එකම පිප්ස් 2හෝ3 ක්ව්‍ර්නවා ඒ කියන්නේ පිපෙට්ස් 20ක් හෝ 30ක් පමණ. ඉතින් මම හිතන විදියට rawspred account එක අපිට වාසියක් තිය්‍ර්නවා.
හරි දැන් බලමු අපි මේ ලාබය කොහොමද ලබාගන්නෙ කියලා අපිට කරන්න තියෙන්නේ ඔය ලාබය පෙන්වන තීරුව උඩ ටිකක් වෙලා ටච් කරගෙන ඉන්න. එහෙම ටච් කරන් ඉන්නකොට මේ වගේ පිටුවක් විවෘත වෙනවා
මේකෙන් ඔයාලට තියෙන්නේ close oder කියන එක තෝරන්න. Close oder කියන එක දුන්නාම එන්නෙ මෙන්න මේ වගේ වින්ඩෝ එකක් ඔයාට ඔකෙ පහලින්ම පේනව ඇති close with profit කියලා. අදාල අගයක් දක්වලා. ඔයාට කරන්න තියෙන්නෙ ඒ බට්න් එක ක්ලික් කරන්න විතරයි.
ඊට පස්සෙ මෙන්න මේ වගේ තහවුරුවක් ඔයාට ලැබයි
ඒකෙන් පස්සෙ ඔයාගේ ඒ ඕඩර් එක ලාබ පිට අවසන් වෙලා ඉවරයි දැන් ඔයාට බලන්න තියෙනේ හිස්ට්‍රි ( History ) කියන කොටසට ගිහින් අපි ලබාගත්ත ලාභය කොපමණද කියලා බලන්න.
මේ තියෙන්නේ අපි ක්ලෝස් කරගත්ත ගනුදෙනුව ඒක 1.21023 - 1.20987 දක්වා පිපෙට්ස් 36ක් එහෙම නැත්තම් පිප්ස් 3.6ක් අඩු වෙලා අපිට ලාබයක් ඇවිල්ලා තියෙනවා. ඒකෙන් කමිශන් එක අඩු උනාම ප්‍රොෆිට් එක 0.29ක් ඇවිල්ලා තියෙනවා. මේ විදිහට දවස තිස්සේ අපි ත්‍රේඩ් කිහිපයක් සිදු කලානම් අපිට පුලුවන් උඩම තීරුවේ තියෙන කැලැන්ඩර් සලකුන ක්ලික් කරලා ඒකෙන් today කියන ඔප්ශන් එක තොරලා බලන්න. එහෙම නැතිනම් සතියක හෝ මාසයක් උනත් ප්‍රොෆිට් එක බලන්න හැකියාවක් තිය්‍ර්නවා. ඒ වගේම ඊට දකුණු පැත්තෙන් තියෙන ඊතල ද්විත්වය හා $ සලකුණ භාවිතයෙන්ද ඔබට ලැබූ ලාභ විශ්ලේශනය කරන්න පුලුවන්. ඔබට දැන් MT4 හි මූලික දැනුම ඇති නිසා හැකියාවක් තියෙනවා ගනුදෙනුවක් කරලා බලන්න.
හරි එහෙනම් දැන් ගනුදෙනුවක් විවෘත කරගන්න විදිහ හා ලාබය ලබාගන්නා විදිහ කියලා දීලා අවසන්. දැන් තියෙන්නේ ඔයාලගෙ වාරය. සියලුම දෙනා ත්‍රේඩ් කිහිපයක් විවෘත කරලා close කරලා බලන්න. ඒක ටිකක් පුරුදු වෙන්න. මේ ලිපිය ලියද්දී අලුත් දේවල් කිහිපයක් අහු උනා. ඉදිරියේදී ඒවා ගැන ඉගෙනගමු