Join with our recommend broker

8. Lot අගය භාවිතයේ වැදගත් කම

 මම ඔයාලට දාන්න  කිවුවා ඔයාලා හදාගත්ත ඩෙමෝ එකවුන්ට් එකේ ත්‍රේඩ් එකක් දෙකක්. එහෙම

ත්‍රේඩ් එකක් දෙකක් දාලා බලන්න කියපු හේතුව තමයි ඔයාලට අවභෝද කරවන්න කොහොමද ත්‍රේඩ් එකක් දාන්නෙ ක්ලෝස් කරවන්නෙ කියන එක.  හරි දැන් ඔයාලා දාපු සමහර ත්‍රේඩ්ස් වල ලොස් වෙලා ඇති ඒ වගේම ප්‍රොෆිට් වෙලා ඇති ඒ වගේම සමහරුන්ගෙ එකවුන්ට්  සම්පූර්ණයෙන්ම වොශ් වෙලාම ගිහිල්ලා ඇති. මේක තමයි වෙන්නෙ අදුරේ අත පත ගගා නිසි දැනීමකින් තොරව ත්‍රේඩ්ස් දැම්මොත්  ලාභ උනොත් ලාභ වෙනවා. ලොස් උනොත් ලොස් වෙනවා.  සූදුවක් වගේ බයි සෙල් කරලා අන්තිමට ලොස් උනාම ගොඩක් අය බනින්නේ ෆොරෙක්ස් කියන්නේ බොරුවක් වංචාවක්. සූදුවක් කියලා. හැබයි ඒක නෙමෙයි ඇත්ත. 

1. අපිට නිසි දැනුමක් නොමැති කම

2. තන්හාව වැඩි කම නිසා ලැබෙන ලාභයෙන් සැහීමට පත් නොවීම. 


ඒක නිසා මේක හරි තැනින් අල්ලගමු. 


ඔයාලා ත්‍රේඩ් එකකට යද්දී සැලකිලිමත් විය යුතු කරුණු කිහිපයක් තියෙනවා. 

1. තෝරාගන්නා  කරන්සි පෙයා එක නිවැරදිද යන බව.

2. භාවිතා කරන ලොට් අගය නිවැරදිද යන බව 

3. Take profit හා stop loss  අගයන් යොදනවාද යන බව. 


ඔන්න ඔය කියන කරුණු තුන බලලා තමයි ඕඩර් එකක් දාන්න ඔනි. හරි ඔයාලට මම ගිය ලිපියෙන් කිවුවා නිවැරදි කරන්සිපෙයා එකක් තෝරගෙන ඒකෙන් ත්‍රේඩ් එකක් ඕපන් කරගන්නෙ කොහොමද කියලා. දැන් තමයි වැදගත්ම කතාව. ෆොරෙක්ස් කරන්න ගිහිල්ලා සබ්බ සකල සේසතම නැති කරගන්නේ මෙන්න මේ ලොට් අගය කියන එකපිළිබදව නොදැනුවත් කම හෝ නොසැලකිලිමත් වීම නිසා. 

සාමාන්‍යෙන් ෆොරෙක්ස් කරනකොට හැමෝම භාවිතා කරන රීතියක් තමා. කැපිටල් එකෙන් 2% ක් පමණක් අවදානමට ලක් කරන්න ඔනි කියන එක.  අපි බලමු  100$ කියන බැලන්ස් එකකින්  2% ක් කියන්නේ  2$ ක අගයක් . අපි කොහොමද ඒ අගය පමණක් අවදානමට ලක් කරලා ගනුදෙනුවකට යන්නෙ. 

ඔයාලා දන්නවා අපි භාවිතා කරන ලොට් අගය එක්ක තමා අපේ ලාභය හෝ අලාභය තීරණය වෙන්නෙ

අපි නිදසුනකට ගමි EURUSD 1.21200 කියන අගය මෙන්නම් මේ අගයෙදි අපි පිප්ස් 10ක් වෙනස  ලාභ හෝ පාඩඩු වෙන්නේ කොහොමද බලමු.  අපි හිතමු ඉහල දක්වපු 1.21200 කියන තැන මාකට් ප්‍රයිස් එකේදි අපි ලොට අගය 0.01 අගයෙන් බයි ත්‍රේඩ් එකක් දැම්මොත්  1.21300 කියන අගයට ආවොත් ඒ කියන්නෙ පිප්ස් 10ක් මාකට් එක උඩට ගියොත්  අපිට 1$ ක ලාභයක් තියෙනවා.  ඒ කියන්නේ එක පිප් එකකට 0.1$ ක ලාභයක් තමයි අපිට එන්නේ.  එතකොට පිප්ස් 30ක් ඉහලට ගියොත් 2$ ක් ලාබ වෙනව ඒ වගේ EURUSD 1.22100  ට පිප්ස් 100 ක්  ඉහල ගියිත් 10$ ක ලාබයක් ලැබෙනවා.  සෙල් ඕඩර් එකක උනත් ඒ වගේ තමයි පිප්ස් අගයට ලාභය ලැබෙන්නේ පිප් 10ට 1$ බැගින් . ඒ වගේම තමා අපි බයි ඕඩර් එකක් දාලා තියෙද්දි මාකට් ප්‍රයිස් එක පහල ගියොත් ඔයාලට වෙන්නෙ පාඩුවක්. සෙල් ඕඩර් එකක් දාලා තියෙද්දි මාකට් එක බයි උනොත් ඒත් ලොස් එකක්. හිතන්න ඒ වගේ අපු දාන ත්‍රේඩ් එකකට විරුද්ද අතට මාකට් එක ගියොත් ඒ වෙලාවේ ත්‍රේඩ් එක දාලා තිය්න්නෙ 0.01 ලොට් අගයෙන්නම් පාඩුවත් පිප් 10කට 1$ ක් පිප් 100කට 10$.  අන්න ඒ වගේ තමයි. 


ඉතින් හිතන්න අපි 0.01 ට වඩා ඉහල ලොට් අගයක් බාවිතා කරා කියලා නිදසුනකට 0.1 වගේ අගයක පිප් 10ක ලාබය හෝ පාඩුව 10$


මම ඒ අගය පහතින් දාන්නම් නිකමට හිතන්නකො  


Lot 0.01 = 10 pips = 1$ (+\-)

Lot 0.05 = 10 pips = 5$ (+\-)

Lot 0.1   = 10 pips = 10$ (+\-)

Lot 0.5  =  10 pips = 50$ (+\-)

Lot 1     =  10 pips = 100$ (+\-)


දැන් ඔයාලට තේරෙනවා ඇති ලොට් අගයේ තියෙන වැදගත් කම. ඉතින් 100$ වගේ කැපිටල් එකක් තියෙන එකවුන්ට් එකකට දරන්න පුලුවන් ලොට් අගය වෙන්නෙ 0.01 වගේ ලොට් අගයක් මොකද ඒ අගයෙන් ත්‍රේඩ් එකක් දාලා පිප්ස් 100ක අලාබයක් උනත් එකවුන්ට් එකෙන් අඩු වෙන්නෙ 10$  ඉතිරිය 90$ ක් නිසා ඊලග ත්‍රේඩ්ස් වලින් හරි ලොස් කවර් කරන්න පුලුවන් නමුත් හිතන්න. 0.1 වගේ ලොට් අගයකින්  අපි ත්‍රේඩ් එකක් දාලා පිප්ස් 10ක ලොස් එකක් ගියොත් අලාබය 10$  පිප්ස් 100ක් අලාභ පැත්තට ගියොත් අලාබයම 100$ ඒ කියන්නේ ඔයාගෙ එකවුන්ට් එකම වොශ්.  ෆොරෙක්ස් මාකට් එකේ පිප්ස් 10ක වෙනසක් කියන්නේ ක්ශනිකව වෙන්න පුලුවන් වෙනස් වීමක්  ඉතින් ඒ වගේ තත්වයකදි අපි ඉහල ලොට් අගයක් භාවිතා කිරීම කියන්නේ ඔයාගෙ එකවුන්ට් එක අදි අවදානමක දාගන්නවා කියන එක.


ඉතින් මම මුලින් කිවුවා. අපි 100$ ක එකවුන්ට් එකකින් 2% ක් අවදානමේ ඩානවා කියන්නේ 2$ ක අගයක් තමයි අපිට එක ත්‍රේඩ් එකක අවදානම් ආයොජනය ඒ කියන්නේ 0.01 ලොට් අගයෙන් සැලකුවොත් පිප්ස් 20ක වගේ අගයක ස්ටොප් ලොස් එකක් යොදන්න පුලුවන්.  ඒ තරම සාමාන්‍යෙන් ප්‍රශස්තයි.  හිතන්න 0.1න් අපි ත්‍රේඩ් එකක් දැම්මොත් පිප්ස් 20 ක් කියන්නේ  20$ ක අවදානමක්.  ඒ කියන්නේ කැපිටල් එකෙන්  20% ක් අවදානම් වෙලා.  ඉතින් ඔයාම හිතන්න ඔයාගෙ එකවුන්ට් බැලන්ස් එකට සුදුසු ලොට් අගය කීයද කියලා. 


ඊලග දෙය තමයි ස්ටොප් ලොස් හා  ටේක් ප්‍රොෆිට් අගයන් මම කියලා දුන්නා ඒ දෙක සටහන් කරන විදිහ. ඒ දෙකේ වැදගත් කම  හෙට පාඩමෙන්

Reactions