නිවසේ සිටම අන්තර්ජාලයෙන් මුදල් උපයන්න.
අපගේ අරමුණ
අප ආයතනයේ සහ මෙහි ලිපි මාලාවෙ අරමුන ඔබට අමතර හෝ ස්ථාවර ආදායම් මාරගයක් ලෙසින් විදේශ විණිමය ආයෝජනය තුලින් ලාභ ඉපයීමහදුන්වා දීමයි.
අන්තර්ජාල බාවිතා කරන ඔබ පැය ගනන් facebook ,youtube නැතිනම් google වැනි අන්තර්ජාල වෙබ්සයිට් වල සැරිසරනව නේද.ඉතින් කවුද අකමැති මේ. නිකරුනේ වැය කරන කාලය යොදාගෙන යම්කිසි මුදලක් හොයාගන්න. අන්තර්ජාල සල්ලි (Emony ) හොයන ක්‍රම ගොඩක් දැන් ලෝකයට ඇවිල්ල තියෙන්නෙ.facebook ,youtube ,fiverr ඔය වගේ තව ගොඩක් ඒවලින් සල්ලි උපයන්න දැන් අවස්තාවක් තියනව. ඒ අතරින් ඉතාපහසුවෙන් ( නිසි අද්‍යාපනයකින් පසු ) මුදල් උපයන්න පුළුවන් ක්‍රමයක් තමා දැන් කියල දෙන්න යන්නෙ.
ගෙදර ඉදන්ම ඇති තරම් මුදල් උපයන්න පුළුවන් කිව්වා.ඒත් කොහොමද ඒක කරන්නේ.මට මේ දෙය කරන්න පුළුවන් වෙයිද එහෙම නැත්නම් මගේ දැනුම ,මගේ සුදුසුකම් ඇති වෙයිද,කොහොමද ඒක කරන්නේ කියලා…හරි ඔයාලට තියෙන ප්‍රශ්න වලට දැනට අපි කෙටියෙන් උත්තරයක් දෙනවා …
ඇත්තටම Forex කියන්නේ අද ලෝකයේ තිබෙන විශාලතම හුවමාරු වෙළඳ පොළ.ඔය ලංකාවේ කොටස් වෙළඳ පොළ වගේ තමයි.ඕනෑම කෙනෙකුට සම්බන්ධ වෙලා කොන්දේසි විරහිතව අසීමිතව මුදල් හොයන්නට හැකි ලෝකයේ තියෙන විශාලම රැකියා වෙළඳ පොළක් කියලා කිව්වොත් නිවැරදියි.
ඉතින් සමහරුන්ට නම් මේක ගැන විශ්වාසයක් නැතිව ඇති,මොකද ලංකාවේ නම් ගොඩාක් හොර වැඩ වලට මිනිසුන් අහු වෙලා තියෙන නිසා…මේක නම් එහෙම දෙයක් නෙවෙයි.ඉතාමත් විශවාසවන්ත ලෙස කිසිම කෙනෙකුට කරදයක් නොවී නිවසේ ඉදන්ම මුදල් ඉපයීමට හැකි .ක්‍රමයක්
( English දැනුම නැතිනම් අවුලක් නෑ ඒක හිතන්න එපා ලොකුවට )
ලොවම පිලිගත් ක්‍රමයකින් නීත්‍යානුකූලව මුදල් උපයමු
FOREX යනු ?
Forex යනු දැනට ලොව පවතින ලොකුම වෙලදපොලයි.එය දවසකට ඩොලර් කෝටි ගනනක් හුවමාරු වෙන විශාල වෙලදපොලක්.මෙහි මුදල් වගේම බාන්ඩ, ඒ වගේම සමාගම් වල කොටස් වැනි දේ තිබෙනව.අපේ කොටස් වෙලදපොල වගේ තමා.ඒත් කොටස් වෙලදපොලයි forex වෙලදපොලයි වෙනස්කම් තියනව ඉස්සරහට ලිපි කියවගෙන යනකොට ඒව තේරෙයි. ඉතින් අපිට මෙහි යම්කිසි මුදලක් ආයෝජනය කරන්න වෙනව.දන්නවනෙ කොටස්වෙලදපොලේ ආයෝජනය කරන්නත් සල්ලි ඕන කියල. ඒත් අපේ කොටස්වෙලදපොල ආයෝජනය කරන්නනම් ලොකු මුදලක් උවමනා වෙනව.මම කිවුවනෙ අපේ වෙලදපොලයි මේ වෙලදපොලයි වෙනස් කියල.පොඩි මුදලක් ආයෝජනය කරල forex වල ලාබ ගන්න පුළුවන්. අපි උදාහරණයක් විදිහට ගත්තොත් හැමෝම කියන කථාවක් තමයි රුපියලේ අගය එන්න එන්නම පහල යනවා කියන එක. එකේ තේරුම තමයි us Dollar එකක් ගන්න තියන රුපියල් ගනන එන්න එන්නම වැඩිවෙනවා කියන එක. ඒ කියන්නේ මොහොතින් මොහොත හැම තත්පරේකම $1 ඉහල යනවා. මේ ඉහළ යාම සහ පහළ යාම් තුළින් අපිට ලාභයක් ලබන්න පුළුවන්. ඒකට තමයි Forex Trading කියන්නේ. මම මේ සරලව කිව්වේ ඔයාලට පොඩි අදහසක් ගන්න. මම ඉස්සරහ ලිපි වලදී මේක තවදුරටත් පැහැදිලි කරලා දෙනවා එක නිසා බයවෙන්න එපා. ඔයාල මොන මට්ටමක හිටියත් මේක තේරුම් ගන්න හරි ලේසියි.
අද කාලේ අපි හැමෝම බලන්නේ රුපියල් දහදාහක් යොදලා රුපියල් පනස්දාහක් ආදායමක් ලබන්න. හැබැයි සැබෑ ජීවීතයේ මේක කරන්න අමාරු දෙයක් මොකද අපි බිස්නස් එකක් පටන් ගන්නවා නම් ඒකට විශාල ප්‍රාග්ධනයක් ආයෝජනය කරන්න වෙනවා රුපියල් දහදාහකින් පටන් අරන් විශාල ලාභයක් ලබන්න බෑ. හැබැයි forex වලින් එහෙම කරන්න පුළුවන් මුල ඉදලම හරියට කලොත් ටික කාලයක් යද්දී ඔයාට විශාල ආදායමකට යන්න පුළුවන් ඒක රුපියල් පනස්දාහ ද රුපියල් ලක්ෂය ද 150,000 ද කියලා කියන්න බෑ. මේකේ ආදායම සීමාවක් නෑ. උනන්දුව තියනවනම් මාසයක් කිහිපයක් යද්දී දවසකට රු. 9000 උනත් උපයන්න පුළුවන්. අවශ්‍ය වෙන්නේ හරි දැනුමක් විතරයි. මං ඒ දැනුම ඔයාලට මුල ඉඳලම හරි පිළිවෙලකට දෙනවා ඒ පිළිවෙලට කරගෙන ගියොත් ඉක්මනින් මේක ඉගෙනගෙන විශාල ආදායමක් ලබන්න පුළුවන් .
හැබැයි පිළිවලට පාඩම් ටික කියවන්න. පලවෙනි පාඩමට පස්සේ පස්වෙනි එක කියවල හරියන්නේ නැ. හැම පාඩමකම අංක දාල තියනවා කී වෙනි පාඩමද කියල. ඒකත් හොදට බලන්න. පාඩම් ටික පිලිවලට කියවන්න. උදා ; දැන් කියවන්නේ හැදින්වීම පාඩම, ඊළගට Forex යනු පාඩම, ඊළගට Forex වල භාවිතා වන මුදල් වර්ග. මෙන්න මේ පිලිවලට කියවන්න. ලොකු අමාරු දෙයක් නෑ. මෙතන හරිම සරල දේවල් ටිකක් තියෙන්නේ. මම හැමදේම සිංහලෙන්ම ඔයාලට කියලා දෙනවා forex වල ඉංග්‍රීසි වචන කිහිපයයි තියෙන්නෙ ඒක මතක තියා ගත්තහම හොඳටම ඇති. අපි ඊළගට බලමු forex කරද්දී ඔයාට එන ප්‍රශ්න ටිකක්.
Forex වලින් ඇත්තටම මුදල් උපයන්න පුළුවන්ද?
ඒකට දෙන්න පුළුවන් උත්තරය තමයි ඇත්තටම ඔව්. Forex කියන්නේ ලෝකෙම පිලිගත්ත දෙයක් ලංකාවට නම් තවම අලුත් දෙයක් .මොකද ලංකාවේ මේක හරි හැටි උගන්නන්න කෙනෙක් නැහැ. කරන්න බැරි අමාරු දෙයක් වගේ තමයි නම ඇහුවහම නම් පේන්නේ. ඒත් මේක හරිම සරල දෙයක්.
අනිත් කාරණය තමා මූල්‍ය වෙළඳපල පාලනය වෙන්නේ ලෝක බැංකුව මගින් ඒක නිසා මේක පිළිබඳ කිසිම අවිශ්වාසයක් තියාගන්න අවශ්‍යතාවයක් නෑ .අද ලෝකයේ මිලියන ගණනක් දෙනා forex වලින් ආදායම් ලබනවා. හැබැයි දැන්නම් ලංකාවෙත් ගොඩක් දෙනා forex මගින් හොඳ ආදායම් ලබනවා. ඔයාට මේක පියවරෙන් පියවර ඉගෙන යද්දී තේරෙයි කොච්චර ලේසි දෙයක් ද කියලා.
මාසෙකට Forex වලින් කීයක් විතර උපයන්න පුලුවන්ද?
මේක නම් ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක්. ඇත්තටම කියන්න තියෙන්නේ Forex වලින් ඔයාට උපයන්න පුළුවන් ගණන සීමාවක් නෑ කියලයි. ඒක මම පැහැදිලි කරන්නම්. Forex හරිහැටි ඉගෙන ගත්තට පස්සේ අපිට මේකට මුදල් ආයෝජනය කරන්න පුළුවන්. Forex කියන්නේ ආයෝජනය කරලා මුදල් උපයන දෙයක්. ඒ ආයෝජනය කරන මුදල් අපිට පාලනය කරන්න පුලුවන්. නැවත ගන්න උනත් පුළුවන්. අපි ආයෝජනය කරන මුදල අනුව තමයි අපිට උපයන්න පුළුවන් ගණන තීරණය වෙන්නේ. සාමාන්‍යයෙන් අපි මුලින්ම Forex පටන් ගන්නේ USD 100 ආයෝජනය කරලා. එතකොට ඔයාට දවසකට $10 – $20 අතර මුදලක් උපයන්න පුළුවන්.ඒ කියන්නේ දවසකට රුපියල් 1800 – 3600 අතර මුදලක් උපයන්න පුළුවන්. ඔයාට මේ උපයන මුදලුත් නැවත ආයෝජනය කලොත් ඊට වඩා ලොකු ආදායමක් ගන්න පුළුවන්. ඒකයි මං කිව්වේ මේකේ ආදායම සීමාවක් නෑ කියලා
මේ කෙටියෙන්ම තමා කිවුවෙ. ඉස්සරහට දෙන ලිපි ටික පිලිවෙලට කියවන්න.එහෙනම් අපිත් ලංකාවට විදේශ විනිමය ගෙන එන සාමාජිකයන් ගොඩට යමු.