Join with our recommend broker

3. Forex හා Currencies- 2

 3. Forex හා Currencies- 2



ඔයාලට මතක ඇති අපි ඊයේ ලිපියෙන්  Major Currencies ගැන කතා කරා. 


ඔය උඩ දාපු සටහනෙන් දැක්වෙන්නේ ඒවා ෆොරෙක්ස් මාකට් එකේදි හඳුන්වන සංකේත හා කෙටි නම්. මේවා දැක්ක ගමන් ඔලුවට එන විදිහට මතක තියාගන්න ට්‍රයි කරන්න. උදාහරණයක් විදිහට කවුරු හරි ඇහුවොත් CHF කියන්නේ මොකක්ද කියලා, ඔයාලට පුළුවන් වෙන්න ඕනෙ ටක් ගාලා ඒ Swiss Franc (හෝ Switzerland Franc) කියලා කියන්න. ඒ වගේම කෙටි නම් ගැන දැනගෙන ඉන්න එකත් වැදගත්. මොකද අපි ඉදිරියේදි ඉගෙන ගන්නවා Forex News බලන්න. එතකොට සමහර Forex News දෙන ආයතන එක් එක් Currency ඒවායේ කෙටි නමින් භාවිතා කරන අවස්ථා තියෙනවා. උදාහරණයක් විදිහට යම් ආයතනයක් කියන්න පුළුවන් "Cable එකේ අගය ඉහල යමින් පවතිනවා" කියලා. එතකොට ඔයාලා දැනගන්න ඕනේ ඒ ආයතනය කතා කරන්නේ GBP එහෙමත් නැත්නම් Great British Pound ගැන කියලා.


දැන් සමහර විට ඔයාලා ගොඩ දෙනෙක් ඉවසිල්ලක් නැතුව ඇති මේක හරියටම Trade කරන්නේ කොහොමද කියලා දැන්ගන්න. පොඩ්ඩක් ඉවසන්න. අපි මේ කතා කරන තොරතුරු හරියට දන්නේ නැතුව Forex Market එකට ගියොත් ඉතින් ඔක්කොම අවුල් වෙනවා.


අපි කලින් ලිපියේ ඉගෙන ගත්තා හැම වෙලේම Forex trade එකකට මුදල් වර්ග 2ක් අවශ්‍ය වෙනවා කියලා. එහෙනම් අපි බලමු Major Currencies වලින් හැදෙන pairs මොනාද කියලා. මෙතනදි මම "pair" එකක් කියලා කියන්නේ අපි කලින් post එකකදි ඉගෙන ගත්ත "USD/LKR" වගේ ඒවාට. එහෙනම් අපි බලමු Forex Market එකේ තියෙන pairs.

ඉහත දැක්වෙන pairs වලට කියන්නේ "Major Currency Pairs" මේකට හේතුව තමයි, මේ හැම pair එකකම ඉස්සරහින් හෝ පස්සෙන් USD තියෙන එක. USD තමයි Forex Market එකේ වැඩියෙන්ම ගනුදෙනු වන මුදල් වර්ගය.

අපි ඉහත කතා කරපු Major Currency Pairs වලට අමතරව Forex Market එකේ trade වෙන තවත් currency pairs තියෙනවා ඒවාට අපි කියන්නේ Minor Currency Pairs හෝ Major Cross-Currency Pairs කියලා. අපි දැන් ඒ මොනාද කියලා බලමු.





මේ දක්වලා තියෙන Currency pairs වලට අමතරව Major Currencies නොවන Currencies වලින් හැදුනු pairs තියෙනවා. ඒවාට අපි කියන්නේ "Exotic Pairs" කියලා. අපි Forex කරන්නේ Broker කෙනෙක් හරහා. බොහෝ Brokers ලා Major Currency Pairs හා Minor Currency Pairs (Major Cross-Currency Pairs) ඔක්කෝම වගේ අපට trade කරන්න ලබා දෙනවා. ඒත් Exotic Pairs ලබා දෙන්නේ Brokersලා කීපදෙනෙක් පමණයි. ඒවා ගැන අපි හොයන්න නොයා ඉමු. මොකද ඒ වගේ ඒකක වල ගනුදෙනු කරන එක අපේ මතය අනුවනම් ටිකක් අවදානම් සහගතයි.

Reactions