10. Pending oders දාන්නෙ කොහොමද.
හරි අද පාඩම තමයි පෙන්ඩින්ග් ඕඩර්ස් දාන්නෙ කොහොමද කියලා බලන එක.
ඔයාලා කලින් පාඩමක ඉගෙන ගත්තා ක්ශනිකව මාකට් එකේ තියෙන ප්‍රයිස් එකෙන් ඕඩර් එකක් ඩාන්නෙ කොහොමද කියලා ( instan oder) ඔයාලා නිවු ඕඩර් වින්ඩෝ එකට ගියහම ඒකේ තියෙන market execution කියන එක යටතේ තමයි ඉන්ස්ටන්ට් ඕඩර් එකක් දාන්නෙ. ඒක පහල රූපයෙන් මේ වගේ පේනවා.
අපිට මේ තියෙන මොහොතේ ත්‍රේඩ් එකක් ඕපන් කරන්න ඔනිනම් ඔය යට තියෙන බයි හරි සෙල් හරි කිලික් කරපු ගමන් ඕඩර් එක වැටෙනවා. හරි සරලයි නේද.?
දැන් කතාව මේකයි. අපිට පුලුවන් අර instan oder වෙනුවට pending oders භාවිතා කරන්නත්. හිතන්න ඔයා technical analysis එකක් කරනවා කියලා. ඉතින් ටෙක්නිකල් ඇනලයිසිස් කරන කෙනෙක් මාකට් එකට හිතූ හිතූ තැනින් එන්ටර් වෙන්නෙ නෑ. එයා මාකට් එකේ ඕඩර් එකක් දාන්නෙ හරිම එන්ට්‍රි පොයින්ට් එකෙන් උපරිම පිප්ස් ගානක් ටාගට් කරලා. සමහර වෙලාවට එයාට ඕඩර් එක දාන්න නියමිත තැනකට ආවොත් විතරයි වගේ ඒවා තියෙනවා. ඔයාලට චාර්ට් පැටර්න්ස්, සපෝර්ට් රෙසිස්ටන්ස් ට්‍රෙන්ඩ් ලයින්, බ්‍රේකවුට්ස් වගේ ඒවා ඉස්සරහට ඉගෙනගද්දි ඕවා තේරෙයි. සරලවම කිවුවොත්. යම් කිසි නිශ්චිත මිලමට්ටමකදි ඔටෝම ත්‍රේඩ් එකක් ඕපන් කරන්න කමාන්ඩ් එකක් දීලා තියන්න අපිට පුලුවන්. එතකොට මාකට් එක දවස තිස්සේ උඩ පහල ගිහින් අදාල තැනට ආව වෙලාවට ඕඩර් එක ඇක්ටිවු වෙනවා. ඉතින් අන්න ඒවට තමයි අපි පෙන්ඩින්ග් ඕඩර්ස් කියන්නේ. මේවා ආකාර 4ක් තියේ පහත රුපයෙන් පේන්නෙ ඒ හතර.
අර ඔයා නිවු ඕඩර් එකක් දාන්න ටච් කරපු වින්ඩෝ එකේ market execution කියලා තිබ්බ තැන එක පාරක් ටච් කරාම ඔය වගේ වින්ඩෝ එකක් ඕපන් වෙනවා ඒකෙ තියෙනවා
* Buy limit
* Sell limit
* Buy stop
* Sell stop
මෙන්න මේ හතර ඉතා වැදගත්. අපි බලමු මේ හතර භාවිතා කරලා පෙන්ඩින්ග් ඕඩර්ස් දාන්නෙ කියලා.
අපි උදාහරණයක් ගමු EURUSD 1.21300. මෙන්න මේ මිළේ තමයි වර්තමාන මාකට් ප්‍රයිස් එක තියෙන්නෙ.
හිතන්න මේ මිළේ තියෙද්දි අපිට දාන්න පුලුවන් ඕඩර් දෙකයි තියෙන්නෙ එකක් buy , අනික sell. හිතන්නකො අපි buy ඕඩර් එකක් දානවා කියලා.
අපි බයි ඕඩර් එකක් දානවා කියන්නේ ඉහල උදාහරණයේ මාකට් එක ඉහල යනවා කියලා හිතනවා කියන එක. අපිට පුලුවන් මේ බයි ඕඩර් එක ආකාර 2කට ඩෙන්න
1. මාකට් ප්‍රයිස් එකට ඉහල මිළකදි බයි ඕඩර් එක ඇක්ටිවු වෙන්න දැමීම ( Buy stop)
හිතන්න අපි EURUSD 1.21300 මිළෙන් නැතිව 1.21400 ට මාකට් ප්‍රයිස් එක ගියොත් එතනදි ඔටෝම ඇක්ටිවු වෙන්න ඕඩර් එකක් දාන්න පුලුවන් ඒකට කියන්නෙ බයි ස්ටොප් කියලා.
2. මාකට් ප්‍රයිස් එකට වඩා පහළ මිලකදි බයි ඕඩර් එකක් දැමීම. ( Buy limit )
මේකෙදි වෙන්නෙ මේහෙමයි මාකට එක කොයි වෙලාවකවත් එකම දිහාවට ගමන් කරන්නෙ නෑ කඳු පල්ලම් විදිහට තමයි යන්නෙ. ඉතින් අපි හිතනවා මාකට් ප්‍රයිස් එක
EURUSD 1.21300 ට වඩා පහළ මිලකට ගිහින් ආපහු ඉහල යයි කියලා. ඉතින් අපි ඒ වගේ වෙලාවක 1.21200න් වගේ ඇක්ටිවු වෙන්න පෙන්ඩින් ඕඩර් එකක් දානවා ඒකට කියන්නෙ buylimit කියලා.
* Buy stop = වර්තමාන මිළට වඩා ඉහල මිළකදී active වන ලෙස buy oder එකක් දැමීම
* Buylimit = වර්තමාන මිළට වඩා අඩු මිලකදී active වන ලෙස buy oder එකක් යෙදීම.
හරි අපි buy oder ගැන කතා කරා දැන් තියෙන්නෙ sell oder.
Sell oder දාන්න පුලුවන් විදිත් අර වගේම ඩෙවිදිහක් තියෙනවා. ක්ශණිකව දාන instan oder එකකට අමතරව පෙන්ඩින් sell oder දාන්නත් පුලුවන්. ඒක දාන්නෙ මෙහෙමයි.
1. වර්තමාන මිළට වඩා පහළ මිලකදී ඇක්ටිවු වන ලෙස sell stop ඕඩර් දැමිය හැකිය. මෙහිදී. වර්තමානයේ පවතින EURUSD 1.21300 මිළට වඩා පහළ මිළක් වන 121200 දී ඔටෝ සෙල් ඕඩර් එකක් දැමීමට සෙල් ස්ටොප් පෙන්ඩින් ඕඩර් එකක් දැමිය යුතුය.
2. වර්තමාන මිළට වඩා ඉහල මිළකදී ඇක්ටිවු වෙන ලෙස sell limit පෙන්ඩින්ග් ඕඩර් එකක් දැමිය හැකිය. එහිදී EURUSD 1.21300 ට වඩා ඉහළ මිළක් වන 1.21400 වැනි මිළකදී ඔටෝම සෙල් ඕඩර් එකක් වැටීමට සෙල් ලිමිට් කමාන්ඩ් එක යෙදිය හැකිය.
*sell stop = වර්තමාන මිළට වඩා පහල මිලකදී active වන ලෙස යොදන sell oders
* sell limit = වර්තමාන මිළට වඩා ඉහල මිලකදී active වන ලෙස යොදන sell oders.
හරි මම හිතෙනවා මේක ටික තේරෙනවා ඇති කියලා හැබයි තාම ඕක නොතේරෙනවනම් වැඩිය හිතන්න එපා ටිකක් දවස් යද්දි ඕක පුරුදු වෙයි. දැන් අපි බලමු කොහොමද ඔය ඔඩර් එක දාන්නෙ කියලා
හරි ඔයාලට කරන්න තියෙන්නේ අර ඉස්සෙල්ලා අපි පෙන්ඩින්ග් ඕඩර් දාන්න ඕපන් කරගත්ත පිටුවේ අපිට අවශ්‍ය pendin oder වර්ගය මත ටච් කරලා ඒක තොරගන්න. ඒක තෝරගට්තාම පහත ආකාරයේ පිටුවක් ඕපන් වෙනවා. ඒකෙදි ඔයාලට පේනවා ඇතිඇති price කියලා තැනක් එතනට ඔයාට අවශ්‍ය අගය දෙන්න මේ සටහනේ AUDJPY 81.438 කියන අගයේ තමයි ask ප්‍රයිස් එක තියෙන්නෙ. ඉතින් අපි තෝරගන්නේ buy stop ඔඩර් එකක් නිසා. ඒ අගයට ඉහල අගයකින් ඕපන් වෙන්න තමයි අපි price එක දාන්න ඔනි. මම මෙතනට buystop අගය දීලා තියෙන්නෙ. 81.451 ට ආවහම ඇක්ටිවු වෙන්න . ඊට පස්සෙ අපිට පුලුවන් යට තියෙන Stop loss අගයට හා tack profit අගයට ඔබට අවශ්‍ය අගයන් ලබා දීලා oder එක place කරන්න.
* මතක තියාගන්න ඔනි
අපි දීපු කමාන්ඩ් එකට අනුව හරි විදිහට අපි price එක යොදලා නැත්තම් ඔය ඕඩර් එක place කරන්න ඔප්ශන් එක දෙන්නෙ නෑ. අපි හරි විදිහට ප්‍රයිස් එක දැම්මොත් විතරයි ඔඩර් එක දාන්න දෙන්නෙ.
මේ පෙන්ඩින්ග් ඕඩර්ස් දාන එක ගොඩක් වැදගත්. මොකද ඔයාලා සිග්නල්ස් වලට ත්‍රේඩ් දාද්දි හෝ. ඔයාගෙම ඇනලයිස් එකකට ත්‍රේඩ් දාද්දි ඔයාලට මේ ඕඩර්ස් දාලා Sl ( stop loss) හා TP ( Take profit ) දාලා වෙන වැඩක් කරන්න යන්න පුලුවන්. එහෙම උනාම ඔටෝම අදාල තැනදි ත්‍රේඩ් එකට එන්ටර් වෙලා. එක්කෝ TP වැදිලා ප්‍රොෆිට් වෙලා හෝ SL වැදිලා අලාබ වෙලා ඕඩර් එක අවසන් වෙලා යනවා.
මේක ටිකක් ප්‍රැක්ටිස් කරමු. මම ඊළඟ පාඩමෙන් oder modify කරන විදිය කියලා දෙනවා. ඊට පස්සෙ ඔයාලට පුලුවන් ලස්සනට සිග්නල් එකකට ත්‍රේඩ් කරන්න. ඔයාලාට මේක හුරු කරන්න මම සිග්නල්ස් ටිකක් දෙන්නම් ඊලඟ සතිය දෙකේ ඒ සිග්නල්ස් වලට ත්‍රේඩ් ඕපන් කරලා වෙන්නෙ මොකක්ද කියලා බලමු. එහෙනම් අදට පාඩම ඉවරයි ඊලඟ පාඩමෙන් හම්බෙමු .❤️❤️
මේකෙන් ඔයාලට තේරුම් ගන්න පුලුවන් වෙයි. ඒ තේරුනේ නැතත් හිතන්න එපා. එකක් දෙකක් ත්‍රේඩ් දානකොට ඕක පුලුවන් වෙනවා



