11.demo පුහුණුව තවදුරටත්
දැන් ඔයාලා Demo account පුහුණු වෙන්න ඇතිනේ ටික ටික. ඉතින් මේ විදියේ ලිපියක් ආයේ ලියන්න වුනේ Demo account ගැන තව දුරටත් පැහැදිල කිරීමක් කරන්න ඔනි කියලා හිතුන නිසා. ඇත්තටම සමහරැ හරියට ලිපි කියවන්නේ නැති එක නිසා තමයි මේ ප්‍රශ්ණය. දාලා තියෙන ඒවා ඔහේ උඩින් පල්ලෙන් කියවලා තමයි වැඩ කරන්න හදන්නේ. මොකද මේ දාලා තියෙන ලිපි කියෙව්වනමි කිසි ප්‍රශ්ණයක් නැ හරියට.
නමුත් ගොඩක් අයට එහේම කරන්න උනන්දුවක් නැ. ඉතින් මේ ලිපියෙන් උත්සහ කරන්නේ Demo account ගැන ඇතිවන ගැටලු ටිකක් පැහැදිලි කරන්න. මෙවා කලින් ලිපි එක්ක සමිබන්ධ නිසා එවත් හොදින් කියවලා ඉන්න කලින් මෙ ලිපිය කියවන්න කලින්.
අපි දන්නවනේ Demo account කියන්නේ පුහුණු කිරීමේ ගිණුමි වලට. ඒ කියන්නේ ඇත්ත මුදල් යොදවනවා වෙනුවට අපිට පුලුවන් නොමිලේම බොරැ මුදල් (Virtual Money ) අරගෙන Real account වලට යන්න කලින් හොදට පුහුණු වෙන්න. ඒ කියන්නේ වෙළද පොළ ගණුදෙනු කරන ආකාරය ගැන හොද පුහුණුවක් ලබන්න තමයි මේ Demo account අපිට දෙන්නේ. ඉතින් අපිට මෙකෙදි හිතේ හැටියට ඔනි ඔනි විදියට ගනුදෙනු කරලා බලන්න පුලුවන් වෙළද පොළ කොහෝමද වැඩ කරන්නේ කියලා.
Demo account විවෘත කර ගෙන කරන්නේ මොකක්ද ?
සමහරැ Demo account වලින් මුලින් විවෘත කර ගත්ත ගමන්ම ලාභ හොයන්න යන්නේ. හැබැයි හරියට යන කෙනෙක් එහේම කරන්න ඔනි නැ. ඉස්සෙල්ලාම මම කලින් ලිපි වල දාලා තියෙන විදියට ඔයාගේ මෘදුකාංගය පිළිවෙළකට හදා ගන්න. ඊට පස්සේ සතියක් විතර හිතු හිතු හැටියට ගණුදෙනු දාන්න. Trading Open කරන්න. Trading close කරන්න. buy or Sell ඔනෑම ගණුදෙනුවක් ඔනෑ හැටියට. Loss Or Profit මොකක් ආවත් කම්ක් නැ. මොකද මේ අපි කරන්නේ වෙළද පොලේ ගනුදෙනු යොදන ආකාරය පුහුණු වෙන එක මිසක් ලාභ ගන්න උත්සහ කරන එක නෙවෙයි පළමු සතිය තුල. හොදින් මතක තියා ගන්න. අපිට මෘදුකාංය හරිට පුහුණුවක් නැතිව ලාභ ගන්න බැ. ඒක නිසා ලාභ හොයන්න යන්න කලින් හොදට මෘදුකාංගය පුහුණු වෙලා ඉන්න එක වැදගත්. නිසා මේ සතියම වෙන් කරන්න මේක හොදට පහුණු වෙන්න. ඒක නිසා ඔයා පහත දේවල් ටික කරන්න ඔනි පළමු සතියේ මුල ඉදලා හරියට මේ ගමන යන්න ඔනිනමි
01. MT4 Software එක පිළිවෙළද හදා ගන්න.
02. ලිපි වල දාලා තියෙන විදියට හිතු හිතු ආකාරයට ගනුදෙනු විවෘත කරන්න
03. හිතු හිතු ආකාරයට ගණුදෙනු close කරන්න.
04. Chart වල තියෙන වෙළද පොළ ඉහළ පහළ යන ආකාරය හොදට බලා ගන්න. ඒ ගැන හොයන්න
05. මේ මුල් සතියේ ලාභ හෝ ආලභ මොක ආවත් තමක් නැ.
06. අවශ්‍ය වෙන්නේ ලාභ සෙවිම නොව මෘදුකාංලය හා වෙළද පොළ ඉහළ පහළ යන ආකාරය ගැන හොද අවබෝධයක් මුලින් ලබා ගැනීම
හරි අපි ඊලඟ සතියෙ ඉඳලා ඒ කියන්නෙ ලබන සතියේන් පස්සේ මේ විවෘත කර ගෙන ලාභ තියෙන හො අලාභ තියෙන Trade ඔක්කෝම close කරලා දාන්න ඔනි එකක්වත් තියන්න එපා. මේ ඔක්කෝම close කරලා දැමිමට පස්සේ තමයි ඔන්න ලාභ ගන්න ඔනි විදියට වැඩ කරන්න ඔනි. මොකද මුල් සතියේ ඇති කරමි ගණුදෙනු දාලා දැන් හොද පුහුණුවක් ගන්නවනෙ . ඒක නිසා හොදට හිතලා ගනුදෙනු දාන්න පටන් ගන්න ඔනි දෙවෙනි සතියේ ඉදන්. ලාභ මිසක් අලාභ ගන්න බැ. දැන් මෙතනදි ගොඩක් අයට තියෙන ගැටලුවක් තමයි කොහෝමද වෙළද පොළ ඉහළ පහළ යන එක දැන ගන්නේ කියලා. ඒක කරන්නෙ කොහොමද කියලා ඊලඟ දවස් ටිකේ කියලා දෙන්නම්. අපි ලබන සතියේ ඉඳලා මේ පහත දේවල් කරන්න ලැහැස්ති වෙලා ඉන්න ඔනි
01. හොදට හිතලා ගණුදෙනු දාන්න.
02. දාන ගණුදෙනු වලින් ලාභ පමණක් ගන්න උත්සහ කරන්න.
03. Trading Open කරන ගමන් වෙළද පොළ ඉහළ පහණ යන හැටිත් හොදට අධ්‍යනය කරන්න.
04. කිසිම ගනුදෙනුවක් ආලභ වෙන්න දෙන්න එපා. සමහර ඒවා ආලභ යන්න පුලුවන්. හැබැයි 70% ක් වගේ ලාභ ගත්තමි හොදයි. ඇති.
හරි මේ විදියට කරලා බලමු අපි කොහෝමද හොද අවබෝධයක් එන්නේ නැද්ද කියලා. මොකද සමහරැ ඔය Demo account විවෘත කර ගෙන කරන්නේ වෙන දේවල්. පුහුණුවක් ගන්න එක නෙවෙයි කරන්නේ. ඉතින් මේ විදියට දෙවෙනි සතියේ පුහුණු උනානමි නොදැනිම ඔයාට හොද අවබෝධයක් එවි. විශ්වාස නැත්නනමි කරලම බලමු. හැබැයි දෙවෙනි සතියේදි පුලුවන් තරමි ලාභ ගන්න උත්සහ කරන්න ඔනි. \
Demo account පුහුණු වන විට එන පොදු ගැටලු.
මම කලින් කිවිවා වගේ Demo account වලදි අපි ලොකු දේවල් ගොඩක් කරන්න නැ. කරන්න කියෙන්නේ වෙළද පොළ අධ්‍යනය කර ගමන් ගණුදෙනු යොදන ආකාරය පුහුණු වෙන එක. ඉතින් මේවා කර ගෙන යනකොට පහත ගැටලු එන්න පුලුවන්.
01. Swap කියන්නේ මොකක්ද ? – Swap කියලා කියන්නේ Open කරලා close නොකර දින කිහිපයක් තියා ගන්නා Open trading වලට ගන්නා Commission එකක්. මෙක වැටෙන්නේ ඔය MT4 එකේ යට කොටසේ තියෙන අපේ ගණුදෙනු විස්තර පෙන්වන තැන Swap කියන එකේ. සාමාන්‍යෙන් විවෘත කරලා ගොඩක් දවසක් තියා ගන්න ගණුදෙනු වලට මෙහේම කොමිෂන් එකක් සමාගමි වලින් ගන්නවා.
02. Open Trade කොචිචර කාලයක් තියා ගන්න පුලුවන්ද ? – මෙකත් සාමාන්‍ය ප්‍රශ්ණයක් ගොඩක් අය අහන. ඔවි. තමන්ග් ගිණුමේ මුදල් තියෙන ප්‍රමාණය අනුව , Risk area එක ඇතුලේ ඔණෑම කාලයක් තියා ගන්න පුලුවන්. ඔය Risk Area ියන්නේ මොකක්ද කියන එක ගැන ඉදිරි ලිපි වලදි කියලා තියෙනවා.
3. සමහර විට ඔයා මේ සතිය ත්‍රේඩ් කරලා ඔය අපි දාගත්ත ඩොලර් 200 ඉවර වෙන්න පුලුවන්. කමක් නෑ අපිට පුලුවන් නැවත අපේ icmarket client area එකට ලොග් වෙලා අලුත් ඩෙමෝ එකක් ඕපන් කරගන්න. ඊලඟ සතිය අපි එහෙම අලුත් එකකින්ම පටන් ගමු.
ඔයාලට හිතෙනවා ඇති ඇයි ඩෙමෝ එකවුන්ට් එකත් 200ක් වගේ පොඩිම ගානෙන් අපි පටන් ගත්තේ කියලා ඩොලර් දාහක් දහදාක් පෙන්වන එකවුන්ට් එකක් ඕපන් කරගන්නෙ නැතිව. හේතුව තමයි සල්ලි වල වටිනාකම කියලා දෙන්න. අපි ඩෙමෝ එකක් ලොකු ගානකින් ඕපන් කරගත්තොත් වටිනාකම තේරෙන්නෙ නෑ හ්‍රේඩ් එකක් දෙකක් ලොස් උනාට. හැබයි 200ක වගේ ගානකින් ත්‍රේඩ් එකක් ඩෙකක් ලොස් වෙනවා කියන්නේ ඒක විශේශයෙන්ම ඔයාලට දැනෙනවා. එතකොට පේන්න ගන්නවා සත්‍ය ගනුදෙනු කරද්දි ඔයාලට දැනෙන විදිය. ඒ නිසා තමයි ඒ වගේ පොඩිගානකින් පටන් ගන්නෙ.
හරි එහෙනම් අපි ඊලග ලිපියෙන් හම්බෙමු. මේ දේවල් හරියට කරන්න. ප්‍රශ්න තියන අයට මගෙන් අහන්න