9.ස්ප්‍රෙඩ් එක කියන්නෙ මොකක්ද ?
හරි අද ඔයාලට කියලා දෙන්න යන්නෙ ගොඩක් වැදගත් වගේම ඔයාලට ප්‍රශ්නයක් වෙලා තිබුන දෙයක් ගැන. ඒ තමයි මොකක්ද මේ ස්ප්‍රෙඩ් එක කියන්නෙ කියලා.
Spred එක කියලා කියන්නෙ සරලවම බ්‍රෝකර් සමාගමේ ලාබය. තේරෙනවා මදි නේද හරි මෙන්න මේකයි ස්ප්‍රෙඩ් එකෙන් වෙන්නෙ. ඔයාලා ලංකාවෙ බැංකුවකට ගියාම බැංකුවේ කොහේ හරි තැනක ප්‍රදර්ශනය කරලා තියෙනවා දැකලා තියේද අද දවසේ ඩොලරයක වටිනාකම. එතන ගැනුම් මිල හා විකිනුම් මිළ කියලා දෙකක් ? සාමාන්‍යෙන් අපි ඩොලරයක වටිනාකම දක්වන දර්ශකයේ indivative price එකක් ඔයාලාට බලාගන්න පුලුවන් අන්තර්ජාලයෙන් අන්න ඒ මිළට ආසන්න ඉහල හා පහළ මිළයන් දෙකක් ගැනුම් මිළ හා විකිනුම් මිළ ලෙස දැකලා ඇති.
හිතමු අද දවසේ ඩොලරයක සාමාන්‍ය මිළ රුපියල් 183
අද දවසේ ඩොලරයක ගැනුම් මිළ 180 .විකිනුම් මිල 186 ඔන්න ඔය වගේ දෙයක්. මම ඒක උදාහරණයක් විදිහට විතරයි කිවුවේ හරි ඔයාලා බලනවා ඇති මේ මොකක්ද කියල. සරලවම මේ දෙය පැහැදිලි කලොත්. ගැනුම් මිළ කියන එකෙන් අදහස් වෙන්නේ ඩොලර් එකක් බැංකුව මිල දී ගන්න මිල. ඒ කියන්නේ අපි පිට රටක ඉදලා ඩොලර් 100ක් ලංකාවට එවුවොත් බැංකුවෙන් අපිට රුපියල් විදිහට ලබා දෙන්නෙ 180×100 = 1800ක් ඒ කියන්නේ 300ක ලාභයක් තියෙනවා
හිතන්න අපි බැංකුවෙන් ඩොලර් 100$ක් මිළ දීලා ගන්න උනා කියලා මොනවා හරි ගෙවීමක් කරන්න. අන්න එතකොට බැංකුවෙන් අපිට ඩොලර් එකක් විකුණන මිළ තමයි 186 .
එතකොට අපිට ඩොලර් 100ක් මිළට ගන්න
186×100 = 18600
එතන ගැනුම් මිල හා විකිනුම් මිළ අතර පවතින වෙනස මගින් තමයි බැංකුව ඒ ට්‍රාන්සැක්ශන් එකට අදාල ලාභය ලබා ගන්නෙ.
අන්න ඒ වගේම තමයි ඔයාලා දැකලා ඇති ඔය MT4 එකේ චාර්ට් එකක මාකට් ප්‍රයිස් එක දක්වන තැන තියෙන රේඛා දෙක අතර පරතරයෙන් තමා ස්ප්‍රෙඩ් එක පෙන්නුම් කරන්නෙ. ඒ රේකා දෙකට කියනවා අපි Ask price හා Bid price කියලා
ඔකෙන් නිල් පැහැයෙන් පෙන්වන ලයින් එක තමයි Bid price ලයින් එක . රතු පැහැයෙන් පෙන්වන ලයින් එක තමයි ask price ලයින් එක. පහත රූපයෙන් බලන්න.
මේ සටහනේ නිල් පැහැති ලයින් එක bid price එකෙන් පෙන්වනවා ඒක 1.26932න් සඳහන් වෙනවා. ඒකෙ රතු පැහැයෙන් Ask Price එක පෙන්වනවා ඒක 1.26940 කියලා පෙන්වනවා. ඔන්න ඔය දෙක අතර පරතරය තමයි අපි ස්ප්‍රෙඩ් එක කියලා කියන්නේ.
හරි අපි බලමු කොහොමද බ්‍රෝකර් සමාගම් කොහොමද ස්ප්‍රෙඩ් එකෙන් ලාබ ගන්නෙ කියලා. හිතන්න ඔය ඉහලින් දැක්කුව උදාහරනේ USDCAD 1.26932 හා 1.26940 කියන අගයන් දෙක අහර පිපෙට්ස් එහෙම නැතිනම් පොයින්ට්ස් 8 ක වෙනසක් තිය්‍ර්නවා ඒ කියන්නේ 0.8 pips වෙනසක් තියෙනවා. අන්න ඒ වෙනසට අදාල පරතරය තමයි බ්‍රෝකර් ගන්න ලාබය.
හිතන්න අපු අපි ඔය bid price එක තියෙන USDCAD 1.26932 කියන අගයෙන් Buy ත්‍රේඩ් එකකට enter උනා කියලා. අපි ඒ ප්‍රයිස් එකෙන් එකෙන් ත්‍රේඩ් එකට එන්ටර් වෙලා ඒක පිපෙට්ස් 5 ක් විතර ඉහලට ගියා කියලා හිතන්න. එතකොට හිතෙන්නේ අපි ප්‍රොෆිට් කියලා නේද නමුත් සැබෑවටම අපි ප්‍රොෆිට් වෙන්නනම් ඔය ඉහලින් තියෙන Ask Price එකේ තියෙන 1.26940 කියන සීමාව පහු වෙන්න ඔනි. ඒ කියන්නේ ඒ ත්‍රේඩ් එකෙන් පොයින්ට්ස් 8ක් ඉහල යනකන් තියෙන්නේ බ්‍රෝකර් සමාගමේ ලාභය. එතනින් ඉහල තමයි අපේනියම ලාභය තියෙන්නේ. ඒ වගේම අපි Take profit සීමාවක් තිබ්බනම් අනිවාරෙන්ම අපේ Bid Price රේකාව ඒ TP ලයින් එක ටච් කරන්නම ඔනි. ඔන්න ඔකයි ඔය ස්ප්‍රෙඩ් එකේ කතන්දරේ. ඕක sell ත්‍රේඩ් එකක උනත් ඔය පරතරය තමයි ආයතනේ ලාබය. සරලවම ඔය ස්ප්‍රෙඩ් එකේ කතාව ඕකයි.
ෆොරෙක්ස් බ්‍රෝකර් කම්පැනි ගොඩක්ම ලාභ ලබන්නේ ඔය කියන ස්ප්‍රෙඩ් එකෙන් තමයි. ඔයාලාට දකින්න පුලුවන් ඔය මම කියලා දුන්න quote කියන පිටුවේදි ඒ බ්‍රෝකර් කම්පැනි වල එක් එක් මුදල් ඒකක වලට ඒ බ්‍රෝකර් කම්පැනි අය කරන ස්ප්‍රෙඩ් එක පෙන්වනවා. ඒක නිතර නිතර වෙනස් වෙන අගයන්. ඉතින් සමහර වෙලාවට ෆොරෙක්ස් වලට එන සමහර නවකයෝ ඔය ස්ප්‍රෙඩ් කතාව ගැන නොදැන අනාගන්න වෙලාවල් තියෙනවා. හේතුව තමයි සමහර බ්‍රෝකර්ලා ඉන්නවා ඔවුන්ගේ ස්ප්‍රෙඩ් අගය ගොඩක් ඉහලයි සමහරවිට පිප්ස් 2ක් 3ක් වගේ අගයනුත් ගන්නවා ඒ කියන්නේ පොයින්ට් 30ක් විතර. ඒ වගේම සමහර currency pairs තියෙනවා ඒවගෙත් ස්ප්‍රෙඩ් එක පිප්ස් දෙකක් තුනක් වෙනව. ඒ නිසා ගොඩක් නවකයෝ ඕවා නොදැන ත්‍රේඩ්කරන්න ගිහින් අනාගන්නවා.
හරි අපිබලමු මේ ස්ප්‍රෙඩ් එක නැති බ්‍රෝකර් සමාගමුත් තියෙනවා. මේ අපි පුහුණු ගිණුම විවෘත කරගත්ත icmarket බ්‍රෝකර් ගෙ rawspred එකවුන්ට් එකත් 0 ස්ප්‍රෙඩ් එකවුන්ට් එකක් විදිහට තමාසැලකෙන්නෙ. ඒ කියන්නේ ඔවුන් ස්ප්‍රෙඩ් එකෙන් ලාභලබනවා වෙනුවට අය කරන්නේ ත්‍රේඩ් එකකට කමිශන් එකක්. ඒක ඔනිම ත්‍රේඩ් එකකට අනිවාර්‍යයි ඒකෙතියෙන වාසිය තමා. ස්ප්‍රෙඩ් එක් නොමැති වීම හා පිපෙට්ස් 2කට වගේවැඩි නොවන ස්ප්‍රෙඩ් එකක් තමා තියෙන්නෙ.
Icmarket බ්‍රෝකර් ආයතනය අය කරන කමිශන් එක ගත්තොත් එහෙම එයා කමිශන් රේන්ජ් එක පදනම් වෙන්නෙ ලොට් අගය මත තමයි. ඒ කියන්නේ ලොට් අගය පොයින්ට් එකකට කමිශන් එක 0.07 ක් වගේ මම ඒක පහලින් මෙහෙම දාන්නම්
Lot 0.01 = 0.07$
Lot 0.1 = 0.7$
Lot 1= 7$
ඔයාලට හිතෙනවා ඇති නේද මේක අවාසී කියලා. ඒත් හිතන්න ස්ප්‍රෙඩ් එක පිප්ස් 2ක් 3ක් අගයක් කියන්නේ එතන බ්‍රෝකර් අය කරන මුදල ලොට් අගය එක්කබැලුවොත් ඉතා විශාල අගයක්. හිතමු පිප්ස් 1ක් තියෙන බ්‍රෝකර් කෙනෙක්ගෙ ලාබය ඝනනය කරලා
Lot 0.01 = pips 1= 0.10$
Lot 0.1 = pips 1= 1$
Lot 1 = pips 1 = 10$
දැන් තේරෙනවා නේද පිප් එකක වටිනාකම කොහොමද කියලා බ්‍රෝකර කම්පැනිය ගන්නෙ. සාමාන්‍ය්‍ර්න් අවම ස්ප්‍රෙඩ් එක pips 1ක් වගෙ තමයි වෙන්නෙ. ඉතින් ඔයාලා හිතලා බලන්න ඔය ක්‍රමවේද දෙකෙන් ඔයාලට වාසිම විදිහ මොකක්ද කියලා.
මේ තියෙන්නේ ඔය quote පිටුවේ SS එකක් බලන්න එක් එක් currency pair වල ස්ප්‍රෙඩ් එක කොහොමද කියලාකියලා
ඔයාලා ත්‍රේඩ් එකකට යද්දි අවම ස්ප්‍රෙඩ් එකක් තියෙන currency pair තෝරගන්න සැලකිලිමත් වෙන්න නවකයෙක්නම් . spred broker කෙනෙක්ව පාවිච්චි කරනවනම්