10. හරියට සිග්නල් එකකට ත්‍රේඩ් එකක් දාන විදිහ.
හරි ගොඩ ඩවසකින් පාඩමක් දැම්මෙ නැති නිසා හා හැමෝම අහලා තිබ්බ දෙයක් නිසා අද පොඩි පාඩමක් දාන්නම් හැමෝටම අත්‍යාවශ්‍ය වෙන එකක්.
ඔයාලා දැකලා ඇති සමහර සිග්නල් චැනල් වල multiple TP දෙනවා ඒ කියන්නේ පහල උදාහරණය වගේ
EURUSD Sell @ 1.21800
TP 1 = 1.21600
TP 2 = 1.21300
TP 3 = 1.20500
Sl = 1. 22600
ඔන්න ඔය වගේ සිග්නල් තමයි ගොඩක් චැනල් වලින් දෙන්නෙ. මේකට ගොඩක් ආදුනික අයට නොතේරෙන තැනක් තමයි මේවා දාන්නෙ කොහොමද කියන එක
හරි මෙහෙම සිග්නල් එකක් දාන ක්‍රම දෙකක් තියෙනවා
1. අදාල සිග්නල් එකේව් TP තුනට අදාලව ත්‍රේඩ් තුනක් දාන එක ( මේක හැමෝටම තේරෙනවනෙ කියලා දෙන්න දෙයක් නෑ. ත්‍රේඩ් තුනක් දාන්න තියෙන්නෙ TP අගයන් ටිකට)
2. Partially close කරන එක.
මේක තමා දෙවනි විදිය. මේකෙදි කරන්නෙ ඔයා ටිකක් ලොකු ලොට් සයිස් එකකින් ත්‍රෙඩ් එක දානවා. අපි උදාහරණයකට ගමුකො
lot size 0.03 න් ත්‍රේඩ් එකක් ගත්තා කියලා. ඔයා ඒකෙ
TP3 තියෙන තැනට දානවා TP එක. එහෙම තියලාත්‍රේඩ් එක රන් වෙන්න දෙනවා. ඔහොම ත්‍රේඩ් එක රන් වෙද්දි ඔයාගෙ TP 1 ලෙවල් එකට මාකට් ප්‍රයිස් එක ආවහම ඔයාට කරන්න තියෙන්නෙ ත්‍රේඩ් එක ක්ලෝස් කරන තැනට ගිහින් ඒ වින්ඩෝ එකේ උඩම තියෙන lot size එක තෝරන තැනින් 0.01 ක් අඩු කරලා ක්ලෝස් කරන. එක.
මෙහෙම කරාම සම්පූර්ණ ත්‍රේඩ් එකම ක්ලෝස් වෙන්නෙ නෑ. 0.01 ලොට් එකට අදාලව ප්‍රොෆිට් එක විතරක් ක්ලෝස් වෙලා ඉතුරු 0.02 ට අදාල ප්‍රොෆිට් එක රන් වෙනවා. ( මේ TP1 ලෙවල් එකට අවට පස්සෙ ඔයාලා සමස්ත ට්‍රේඩ් එකේ SL එක එන්ට්‍රි පොයින්ට් එකට ගේන එක තමයි ඇඟට හොඳ )
ඊට පස්සෙ
Tp2 ලෙවල් එකට ආවට පස්සෙ ආපහු පෙර විදියටම ක්ලෝස් කරන වින්ඩෝ එකට ගිහින් 0.01 ක් අඩු කරලා ක්ලෝස් කරනවා. එතකොට 0.01 ට අදාලව ප්‍රොෆිට් එකක් ඔයාලට ලැබිලා ඊලඟ TP3 වෙනකන් 0.01 ලොට් එකෙන් ත්‍රේඩ් එක රන් වෙනවා.
EX :
EURUSD Sell @ 1.21800
TP 1 = 1.21600
TP 2 = 1.21300
TP 3 = 1.20500
Sl = 1. 22600
මේ ත්‍රේඩ් එක රන් වෙද්දි
TP1 වල වෙනස එන්ට්‍රි එකේ ඉඳලා පිප් 20ක වෙනසක් තියෙන්නේ ඒ වෙනකන් 0.03 ලොට් එකෙන් ත්‍රේඩ් එකේ ප්‍රොෆිට් එක 6$ ක් රන් වෙනවා. ඔයා TP1 වලදි 0.01 කින් ත්‍රේඩ් එක ක්ලෝස් කරනව. එතකොට ඔයාගෙ ඒ ප්‍රොෆිට් එකෙන් 2$ අඩු වෙලා ඒ ප්‍රොෆිට් එක ඔයාගෙ බැලන්ස් එකට එකතු වෙනවා.
ඉතුරු 0.02 ලොට් එකට අදාවල ප්‍රොෆිට් එක 4$ ක් යටතේ දිගටම ත්‍රේඩ් එක රන් වෙනවා. ඒක TP2 වෙනකන් Pip 50 ක වෙනසේ ප්‍රොෆිට් එක 10$ක් තියෙනවා. ඒ වෙලාවෙදි ඔයා ආපහු 0.01කින් ක්ලෝස් කරනවා. එතකොට ඒ 0.01 ට අදාලව 5$ ඔයාගෙ බැලන්ස් එකට එකතු වෙනවා. ඉතුරු 5$ ක ප්‍රොෆිට් එක 0.01 ලොට් එක යටතේ TP3 වෙනකන් රන් වෙනවා.
අන්න එහෙම තමයි මේ TP ගොඩක් තියෙන වෙලාවට ත්‍රේඩ් එකක් ගන්නෙ.
සිග්නල් චැනල් වල දෙන TP ඔක්කොටම ත්‍රේඩ් දාන්න නම් අපිට සාමාන්‍ය ලොකු එකවුන්ට් බැලන්ස් එකක් තියෙන්න ඔනි. ඒ වගේම ලොකු ලොට් එකකින් දානන්ත් ලොකු එකවුන්ට් බැලන්ස් එකක් තියෙන්න ඔනි. ඒ නිසා සිග්නල් චැනල් වලින් සිග්නල් ගන්නකොට ඔයාලා TP1 හා SL අතර තියෙන RR එක දිහාත් ටිකක් බලන්න. අවම 1:2ක් වත් තියේනම් SL හා TP1 අතර වෙනස ඒක යම්තාක් දුරකට හොඳයි කියන්න පුලුවන්.
ඒ වගේම ගොඩක් සිග්නල් චැනල් වල වීක්ලි හා මන්ත්ලි ප්‍රොෆිට් එක පෙන්නන්නෙ. TP1, TP2,TP3 වගේ දෙන හැම එකකටම අදාලව තියෙන පිප්ස් ගණන කවුන්ට් කරලා. හැබයි එහෙම පෙන්නන තරම් ප්‍රොෆිට් එකක් ඔයාලට ඒකෙන් ගන්න බෑ. ඒ වගේම 1Tp හිට් වෙලා ඉතුරු TP hit නොවී ත්‍රේඩ් ලොස් උනත් ඒ සිග්නල් එක ප්‍රොෆිට් විදිහට තමයි එයාලා ගන්නෙ මොකද TP1 හිට් උන නිසා. ඒ නිසයි මම කිවුවේ TP1 හිට් උනාම ඔයාලගෙ ත්‍රේඩ් එකේ SL එක entry එකට ගන්න. TP2 හිට් උනාම SL එක Tp1 ලෙවල් එකට ගන්න.
ඒක තමයි දෙන උපදෙස.
එහෙනම් නැවත අපි හම්බෙමු තව පාඩමකින් පාඩමක් දාන්න බලන්නම් වෙලාව තියෙන විදියට. ❤️❤️